නික්මයාම 26:26 - Sinhala New Revised Version 2018 “තවද, මණ්ඩපයේ එක පැත්තක තිබෙන ලෑලිවලට ෂිටිම් ලීවලින් හරස් පොලු පහක් ද සෑදිය යුතු යි. Sinhala New Revised Version “තවද, මණ්ඩපයේ එක පැත්තක තිබෙන ලෑලිවලට ෂිටිම් ලීවලින් හරස් පොලු පහක් ද සෑදිය යුතු යි. Sinhala Revised Old Version ෂිටිම් ලීවලින් මණ්ඩපයේ එක් පැත්තක ලෑලිවලට පොලු පහක්ද |
මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට තව හරස් පොලු පහක් ද මණ්ඩපයේ පිටුපස, එනම්, බටහිර අංශයේ ලෑලිවලට හරස් පොලු පහක් ද සෑදිය යුතු යි.
මොවුන් හට පැවරෙන වගකීම පහත දක්වන ඒවා පිළිබඳ ව ය. එනම්, මණ්ඩපයේ ලෑලි ද හරස් පොලු ද කණු ද තවු ද එහි සියලු භාණ්ඩ සහ මේවා සම්බන්ධ සේවාවන්ට ගන්න සියල්ල ද
සම්මුඛ මණ්ඩපය පිළිබඳ ව මොවුන්ට පැවරෙන වගකීම් පහත දක්වන ඒවා වනු ඇත. මොවුන් මණ්ඩපයේ ලෑලි ද හරස් ලී ද කණු ද තවු ද
තවද ඇදහිල්ලෙහි ශක්තිමත් වූ අපි, අප ගැන ම නොසිතා ඇදහිල්ලෙහි දුර්වල වූවන්ගේ ප්‍රමාද දෝෂ ඉවසීමෙන් දරාගනිමු.
හිස වන උන් වහන්සේ කරණකොටගෙන මුළු ශරීරය, ඊට සපයා ඇති එක එක අවයවයයෙන් සන්ධි කොට, ඒකාබද්ධ කරනු ලැබේ. එක එක අවයවය ඊට යුතු ලෙස ක්‍රියා කළ විට මුළු ශරීරය ප්‍රේමයෙන් වැඩී, වර්ධනය වේ.
ඔව්හු සභාවේ හිස වන ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ නොවෙති. එහෙත් ඇට කටු හා නහරවලින් ශරීරය ඒකාබද්ධ කොට, පෝෂණය කර, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව එය වර්ධනය වන්නට සලසන්නේ ඒ හිස ය.