මෝසෙස් ද වලාකුළ මැදට ගොස් කන්දට නැංගේ ය. ඔහු දවල් හතළිහක් හා රාත්‍රි හතළිහක් කන්දෙහි සිටියේ ය.
මෝසෙස් වලාකුළ මැදට ඇතුල්වී කන්දට නැගුණේය. මෝසෙස් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කන්දේ සිටියේය.
උන් වහන්සේ කතා කොට, “පිටතට අවුත් කන්ද උඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නැ”යි වදාළ සේක. එවිට සමිඳාණන් වහන්සේ ඒ ළඟින් ගිය සේක. උන් වහන්සේට පෙරටුවෙන් මහා බලවත් හුළඟක් කඳු දෙදරවා, පර්වත බිඳගෙන ගියේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සුළඟෙහි නොවූ සේක. සුළඟට පසු පොළෝ කම්පාවක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ පොළෝ කම්පාවෙහි නොවූ සේක.
ඔහු නැඟිට කා බී, ඒ ආහාරයේ සවි ශක්තියෙන් දවල් සතළිසක් හා රෑ සතළිසක් ගමන් කර දෙවියන් වහන්සේගේ කන්ද වන හොරෙබ් ළඟට පැමිණියේ ය.
සමිඳාණන් වහන්සේ එවිට සීනයි කඳු මුදුනට බැස වදාළ සේක. උන් වහන්සේ මෝසෙස් කඳු මුදුනට කැඳවූ බැවින්, ඔහු ද එහි නැඟී ගියේ ය.
ඉශ්රායෙල් ජනයාගේ ඇස් හමුවෙහි සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ඇවිලෙමින් නඟින ගිනි ජාලාවක් මෙන් දිස් විය.
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, මෙසේ වදාළ සේක:
මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බව සෙනඟ දුටු විට, ඔව්හු ආරොන් වට කර, රැස් වී ඔහුට කතා කොට, “එන්න, අපට පෙරටුව යන පිණිස දෙවියෙකු සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා මේ මෝසෙස් කියන මිනිසාට කුමක් වූයේ ද කියා අපි නොදනිමු”යි කී හ.
මෝසෙස් ද කන්ද මත සමිඳාණන් වහන්සේ සමඟ දාවල් හතළිහක් හා රාත්‍රි හතළිහක් කිසිවක් නොකා නොබී සිටියේ ය. ඔහු ගිවිසුමේ වචන වන දස පනත ගල් පුවරුවල සටහන් කෙළේ ය.
මෝසෙස් ඔහුට උත්තර දෙමින්, “මම නුවරින් පිටත ගිය කෙණෙහි ම සමිඳාණන් වහන්සේ වෙත මාගේ අත ඔසවමි. මිහිතලය සමිඳාණන් වහන්සේට අයිති බව දැනගනු පිණිස, අහස් ගිගුරුම් නවතිනු ඇත. ගල් වර්ෂා ද තවත් ඇති නොවේ.
මෝසෙස්, පාරාවෝ වෙතින් අහක් වී නුවරින් පිටත ගොස් සමිඳාණන් වහන්සේ වෙත අත් එසවී ය. මේඝ ගර්ජනා හා ගල් වර්ෂා නැවතිණි. වැස්ස ද පොළොව මත නොවැටිණි.
කිසිවෙකු ලුහුබැඳ නාවත් දුෂ්ටයා පලා යයි; එහෙත් ධර්මිෂ්ඨයා සිංහයෙකු මෙන් වැජඹෙයි.
දහවල් සතළිසක් ද රෑ සතළිසක් ද නිරාහාර ව උන් පසු, උන් වහන්සේට සාගිනි ඇති විය.
උන් වහන්සේ සාතන් විසින් පරීක්ෂා කරනු ලබමින් දින සතළිසක් පාළුකරයෙහි විසූ සේක; උන් වහන්සේ වන සතුන් අතර විසූ සේක. දේව දූතයෝ උන් වහන්සේට උපස්ථාන කළහ.
එහි දී දින සතළිසක් මුළුල්ලේ යක්ෂයා උන් වහන්සේ පරීක්ෂා කෙළේ ය. ඒ දවස්වල දී උන් වහන්සේ කිසිවක් නොවැළඳූ සේක. ඒ කාලය නිම වූ පසු උන් වහන්සේට කුසගිනි ඇති විය.
“මම පළමුවෙන් කළාක් මෙන් දවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් කන්ද මත නැවතී සිටියෙමි. එවිට පවා උන් වහන්සේ මට සවන් දී ඔබ විනාශ නොකිරීමට එකඟ වූ සේක.
එහෙත්, නුඹ මෙහි මා ළඟ සිටින්න. මා ඔවුන්ට අයිති කොට දෙන්නට යන දේශයෙහි ඔවුන් පිළිපදින පිණිස ඔවුන්ට ඔබ උගැන්විය යුතු සියලු අණපනත් ද, නීති හා නියෝගයන් ද මම ඔබට දන්වන්නෙමි.’
එවිට මම කලින් කළාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් මුණින්තළා වැඳ වැටී කිසිත් නොකා නොබී සිටියෙමි. මා එසේ කෙළේ ඔබ බොහෝ සේ පව් කොට, උන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ට ලෙස හැසිරෙමින්, උන් වහන්සේ කුපිත කළ බැවිනි.
“ ‘සමිඳාණන් වහන්සේ වන මම ඔබ වනසමි’යි වදාළ බැවින් මම උන් වහන්සේ ඉදිරියෙහි දාවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් මුණින්තලා වැටී සිටියෙමි.
සමිඳාණන් වහන්සේ ඔබ සමඟ පිහිටෙවූ ගිවිසුම සටහන් කළ ගල් පුවරු ලබාගැනීම සඳහා මම කන්දට නැඟ එහි දවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් නැවතී සිටියෙමි. එකල මම කිසිත් නොකා නොබී සිටියෙමි.