ඔහු මේ ක්‍රියාව කළ බැවින් ද අනුකම්පාව නොදැක්වූ බැවින් ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙකු දිය යුතු ය”යි කී ය.
නික්මයාම 22:1 - Sinhala New Revised Version 2018 “යමෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම් කොට ඌ මරන්නේ ද නැත්නම් ඌ විකුණන්නේ ද එවිට ඔහු ගොනෙකු වෙනුවට ගොනුන් පස්දෙනෙකු බැගින් ද, බැටළුවෙකු වෙනුවට බැටළුවන් හතරදෙනෙකු බැගින් ද වන්දි ගෙවිය යුතු ය. Sinhala New Revised Version “යමෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම් කොට ඌ මරන්නේ ද නැත්නම් ඌ විකුණන්නේ ද එවිට ඔහු ගොනෙකු වෙනුවට ගොනුන් පස්දෙනෙකු බැගින් ද, බැටළුවෙකු වෙනුවට බැටළුවන් හතරදෙනෙකු බැගින් ද වන්දි ගෙවිය යුතු ය. Sinhala Revised Old Version මනුෂ්‍යයෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම්කොට මැරුවොත් නොහොත් වික්කොත් ගවයෙකුට ගවයන් පස්දෙනෙක්ද බැටළුවෙකුට බැටළුවන් සතර දෙනෙක්ද දිය යුතුය. |
ඔහු මේ ක්‍රියාව කළ බැවින් ද අනුකම්පාව නොදැක්වූ බැවින් ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙකු දිය යුතු ය”යි කී ය.
එහෙත්, කලින් පවා ඒ ගොනා අනින්න පුරුදු එකෙක් නම්, ඌ අයිතිකරු ගොනා කොටු නොකර තැබුවේ නම්, ඔහු වන්දි වශයෙන් ගොනා වෙනුවට ගොනෙකු දිය යුතුයි. එහෙත්, මළ සතා ඔහුට අයිති වේ.”
ඔහු අසුවුණොත් සත් ගුණයක් වන්දි ගෙවීමට සිදු වෙයි; සිය නිවසෙහි මුළු වත්කම ද දෙන්නට වෙයි.
ඔහු උකසට ගත් දේ නැවත දී, කොල්ලකාගත් දේ ආපසු දුන්නොත්, අදමිටුකම් නොකර පනත් අනුව ජීවත් වුවහොත් ඔහු නොමැරී ජීවත් වන්නේ ය;
එවිට ඔවුන් කළ පාපය උච්චාරණය කළ යුතු ය. ඉන්පසු මුළු වන්දිය වශයෙන්, කළ අලාභයට තව පහෙන් පංගුවක් එකතු කර යම් කෙනෙකුට විරුද්ධ ව වැරැද්දක් කෙළේ ද එය ඔහුට ගෙවිය යුතු ය.
සාකෙවුස් නැඟිට, “ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි”යි සමිඳාණන් වහන්සේට කී ය.