නුඹ හෙබ්‍රෙව් ජාතික දාසයෙකු මිලයට ගත් විට, ඔහු අවුරුදු හයක් සේවය කොට, හත් වන අවුරුද්දේ දී කිසි වන්දි ගෙවීමක් නොමැති ව ඔහුට නිදහස් ව යන්නට ඉඩ දිය යුතු ය.
නික්මයාම 21:3 - Sinhala New Revised Version 2018 ඔහු තනියම පැමිණියේ නම්, ඔහු තනියම පිට වී යා යුතු ය. ඔහු විවාහ වී පැමිණියේ නම් ඔහුගේ බිරිඳ ද ඔහු සමඟ පිට වී යා යුතු ය. Sinhala New Revised Version ඔහු තනියම පැමිණියේ නම්, ඔහු තනියම පිට වී යා යුතු ය. ඔහු විවාහ වී පැමිණියේ නම් ඔහුගේ බිරිඳ ද ඔහු සමඟ පිට වී යා යුතු ය. Sinhala Revised Old Version ඔහු පමණක් ආයේ නම් ඔහු පමණක් නිදහස්ව යන්නේය. විවාහවූ අයෙක්නම් ඔහුගේ භාර්යාව ඔහු සමඟ යන්නීය. |
නුඹ හෙබ්‍රෙව් ජාතික දාසයෙකු මිලයට ගත් විට, ඔහු අවුරුදු හයක් සේවය කොට, හත් වන අවුරුද්දේ දී කිසි වන්දි ගෙවීමක් නොමැති ව ඔහුට නිදහස් ව යන්නට ඉඩ දිය යුතු ය.
ඔහුගේ ස්වාමියා ඔහුට භාර්යාවක පාවා දුන්නේ නම්, තවද ඈ ඔහුගෙන් දරුදැරියන් ලැබුවා නම්, භාර්යාවත්, ඇගේ දරුවනුත් ස්වාමියාට අයිති වනු ඇත. එබැවින් ඔහු තනියම පිට වී යා යුතු ය.
“යම් මිනිසෙකු දාසියක ලෙස තම දුව විකුණුවහොත් ඈ දාසයෙකු නිදහස ලබන පරිදි තම නිදහස නොලබන්නී ය.
එවිට ඔහු ද ඔහුගේ දරුවන් ද නුඹලාගෙන් පිට වී, තමාගේ පවුලට හා පියාගේ උරුමයට ආපසු යනු ඇත.