නික්මයාම 21:2 - Sinhala New Revised Version 2018 නුඹ හෙබ්‍රෙව් ජාතික දාසයෙකු මිලයට ගත් විට, ඔහු අවුරුදු හයක් සේවය කොට, හත් වන අවුරුද්දේ දී කිසි වන්දි ගෙවීමක් නොමැති ව ඔහුට නිදහස් ව යන්නට ඉඩ දිය යුතු ය. Sinhala New Revised Version නුඹ හෙබ්‍රෙව් ජාතික දාසයෙකු මිලයට ගත් විට, ඔහු අවුරුදු හයක් සේවය කොට, හත් වන අවුරුද්දේ දී කිසි වන්දි ගෙවීමක් නොමැති ව ඔහුට නිදහස් ව යන්නට ඉඩ දිය යුතු ය. Sinhala Revised Old Version නුඹ හෙබ්‍රෙව් වැඩකාරයෙකු මිලේට ගන්නෙහි නම් ඔහු අවුරුදු හයක් වැඩකොට සත්වෙනි අවුරුද්දේ නිකමට නිදහස්ව යන්නේය. |
එවිට ඒසව්, “ඔහු දෙවරක් ම මට ලැබිය යුතු දේ උදුරාගත්තේ ඔහුගේ නම ජාකොබ් නිසා වෙන්න ඇත. ඔහු කලින් මාගේ කුලුඳුල්කමේ උරුමය ගත්තේ ය. මෙන්න, දැන් මාගේ ආශීර්වාදයත් උදුරාගත්තේ ය. ඔබ මටත් ආශීර්වාදයක් ඉතිරි කර නැද්දැ”යි ඇසී ය.
දිවැසිවර කණ්ඩායමේ අයගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියක් එලිෂාට මොරගසා, “ඔබේ මෙහෙකරු වූ මාගේ පුරුෂයා මළේ ය. ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි බව දන්නෙහි ය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්න අවුත් සිටී ය”යි කීවා ය.
“අන්‍ය ජාතීන්ට විකුණනු ලැබූ ජුදෙව්වරුන් වන අපේ සහෝදරයන් අපේ පුළුවන්කමේ හැටියට අපි මිල දී මුදා ගත්තෙමු. එහෙත් දැන් ඔබ, ඔබේ ම සහෝදරයන් විකුණන්නහු ය. ඔවුන් මිල දී මුදා ගැනීමට අපට සිදු වනු ඇතැ”යි කීවෙමි. එවිට ඔව්හු වචනයක් වත් කියා ගත නොහැකි ව නිශ්ශබ්ද වී සිටියෝ ය.
එහෙත්, නුඹ මිල දී ගත් වහලෙක් සිටී නම්, නුඹ ඔහු චර්මඡේදනය කළ පසු ඔහුට එය අනුභව කළ හැක.
ඔහු තනියම පැමිණියේ නම්, ඔහු තනියම පිට වී යා යුතු ය. ඔහු විවාහ වී පැමිණියේ නම් ඔහුගේ බිරිඳ ද ඔහු සමඟ පිට වී යා යුතු ය.
“යම් මිනිසෙකු දාසියක ලෙස තම දුව විකුණුවහොත් ඈ දාසයෙකු නිදහස ලබන පරිදි තම නිදහස නොලබන්නී ය.
මේ කාලය ඇතුළත දී ඔහු නිදහස ලබා නොගතහොත්, ජුබිලි වර්ෂයේ දී ඔහුත්, ඔහුගේ දරුවනුත් නිදහස ලැබිය යුතු ය.
ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ස්වාමියා ඔහු ද ඔහුගේ බිරිඳ හා දරුවන් ද ඔහු සන්තක සියල්ල ද විකුණා ණය ගෙවන්න අණ කෙළේ ය.
දාසයෙකු නිදහස් කර යන්නට හරින විට ඔහු කෙරෙහි අමනාපයක් නොදක්වන්න. මන්ද, ඔහු සාවුරුද්දක් ඔබට සේවය කිරීම නිසා ඔහුගේ අගය කුලීකරුවෙකුගේ අගය මෙන් දෙගුණයක් වන බැවිනි. මෙලෙස ඔබ ඉටු කළොත් ඔබේ වැඩ කටයුතු සියල්ලෙහි දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.”
තවද, මෝසෙස් ඔවුන්ට මෙසේ අණ කරමින්, “සෑම සත් අවුරුද්දක් කෙළවර දී, මිදීමේ අවුරුද්ද පැමිණි විට,