ඉන්පසු ඔව්හු තම සොහොයුරිය වන රෙබෙකා ද ඇගේ කිරි මව ද ආබ්‍රහම්ගේ මෙහෙකරුවා හා ඔහුගේ පිරිස ද පිටත් කර යැවූ හ.
නික්මයාම 18:27 - Sinhala New Revised Version 2018 ඉන්පසු මෝසෙස් තම මාමණ්ඩිට යන්නට හැරියේ ය. ඔහු ද සිය රට බලා ගියේ ය. Sinhala New Revised Version ඉන්පසු මෝසෙස් තම මාමණ්ඩිට යන්නට හැරියේ ය. ඔහු ද සිය රට බලා ගියේ ය. Sinhala Revised Old Version මෝසෙස් තමාගේ මාමා යන්ට හැරියේය; ඔහු සිය රටට ගියේය. |
ඉන්පසු ඔව්හු තම සොහොයුරිය වන රෙබෙකා ද ඇගේ කිරි මව ද ආබ්‍රහම්ගේ මෙහෙකරුවා හා ඔහුගේ පිරිස ද පිටත් කර යැවූ හ.
ලාබන් ද උදය අලුයම නැඟිට තම මුණුබුරන් හා දූවරුන් සිඹගෙන ඔවුන්ට ආසිරි පතා, පිටත් වී තමාගේ ගෘහයට ආපසු ගියේය.
ඒ මිනිසා ද ඔහුගේ උපභාර්යාව ද වැඩකාරයා ද යන්නට සැරසුණ විට ඔහුගේ මාමා වන තරුණියගේ පියා ඔහුට කතා කොට, “දැන් සවස් වේගෙන එයි. අනේ, රාත්‍රියේ නැවතී සිටින්න. ඉර බැස යන්නට ළඟ ය. රාත්‍රියේ මෙහි සිට ඔබේ සිත සතුටු කරගෙන හෙට ඔබේ ගමනට වේලාසනින් නැඟිට ගෙදර යන්නට පිටත් වන්නැ”යි කීවේ ය.