නික්මයාම 16:10 - Sinhala New Revised Version 2018 ආරොන් මුළු ඉශ්රායෙල් ජනතාව අමතා කතා කරන විට, ඔව්හු පාළුකරය දෙස බැලූ හ. පුදුමයකි, වලාකුළක් මෙන් සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දිස්විණි. Sinhala New Revised Version ආරොන් මුළු ඉශ්රායෙල් ජනතාව අමතා කතා කරන විට, ඔව්හු පාළුකරය දෙස බැලූ හ. පුදුමයකි, වලාකුළක් මෙන් සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දිස්විණි. Sinhala Revised Old Version ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කථාකළ කල්හි ඔව්හු වනාන්තරය දෙස බැලුවෝය, බලව, ස්වාමීන්වහන්සේගේ තේජස වලාකුළෙහි පෙනුණේය. |
උදය කාලයේ දී ඔබ සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දකින්නහු ය. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ ඇසූ සේක. ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොවේ, අපි එතරම් වැදගත් නොවෙමු”යි කී හ.
සීනයි කන්ද මත සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය රැඳී පැවතිණි. වලාකුළ ද දින හයක් එය වසාගති. හත් වන දින උන් වහන්සේ වලාකුළ මැදින් මෝසෙස්ට හඬගැසූ සේක.
මෝසෙස් ද ආරොන් ද සම්මුඛ මණ්ඩපයට ඇතුළු වී පිටතට අවුත් සෙනඟට ආශීර්වාද කළහ. එවිට සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ද සියලු සෙනඟට දර්ශනය විය.
එවිට මෝසෙස් කතා කොට, “සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ඔබ ඉදිරියෙහි දර්ශනය වන පිණිස කරන්නට උන් වහන්සේ ඔබට අණ කළ දේ මේ ය”යි කී ය.
එහෙත්, මුළු ජනතාව ගල් ගසා ඔවුන් මැරීමට ලකලෑස්ති වූ හ. එවිට මුළු ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි සම්මුඛ මණ්ඩපය මත සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දර්ශනය විය.
ඔවුන්ට මූණ ලා සිටින පරිදි, කෝරා තම මුළු පිරිස සම්මුඛ මණ්ඩපයේ දොරකඩට එක්රැස් කොට ගත්තේ ය. එවිට මුළු ජනතාවට ම සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දර්ශනය විය.
ජනතාව මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වී සම්මුඛ මණ්ඩපය දෙස නෙත් යොමා බැලූ හ. පුදුමයකි, වලාකුළකින් එය වැසී තිබිණි. සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ද දර්ශනය විය.
ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, “මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි.