නික්මයාම 15:27 - Sinhala New Revised Version 2018 ඉන්පසු ඔව්හු දිය උල්පත් දොළොසක් ද ඉඳි ගස් හැත්තෑවක් ද තිබූ ඒලීම් නම් ස්ථානයට පැමිණ, එහි දිය අසල කඳවුරු බැඳගත්හ. Sinhala New Revised Version ඉන්පසු ඔව්හු දිය උල්පත් දොළොසක් ද ඉඳි ගස් හැත්තෑවක් ද තිබූ ඒලීම් නම් ස්ථානයට පැමිණ, එහි දිය අසල කඳවුරු බැඳගත්හ. Sinhala Revised Old Version ඔව්හු දිය උල්පත් දොළසක් හා ඉඳිගස් සැත්තෑවක් ඇති ඒලිම්ට අවුත් එහි දිය අසල කූඩාරම් ගසාගත්තෝය. |
මුළු ඉශ්රායෙල් ජනතාව ඒලීම් නම් ස්ථානයෙන් ගමන් ඇරඹුවහු ය. ඔව්හු මිසර දේශයෙන් පිටත් වූ පසු දෙ වන මාසයේ පසළොස් වන දින ඒලීම් සහ සීනයි අතරෙහි වූ සීන් නම් පාළුකරයට පැමිණියෝ ය.
ගඟ ඉවුරේ දෙපැත්තේ ම සියලු ආකාර පලතුරු වැවෙන්නේ ය. ඒවායේ කොළ වේළෙන්නේ වත්, ඒවායේ පල වරන්නේ වත් නැති ව හැම මාසයේ ම අලුත් පල දරන්නේ ය. මන්ද, ඒවායේ වතුර ශුද්ධස්ථානයෙන් ම නික්ම එන්නේ ය. ඒවායේ පල ආහාර පිණිසත්, ඒවායේ කොළ ඖෂධ පිණිසත් වන්නේ ය”යි කී ය.
මාරා නම් ස්ථානයෙන් ද නික්ම, ඒලිම්ට පැමිණියහ. මෙහි දිය උල්පත් දොළහක් ද තල්ගස් හැත්තෑවක් ද තිබිණි. එහි ද ඔව්හු කඳවුරු බැඳ
එහි වීදිය මැද, ගඟ දෙපස, මසකට වරක් බැගින්, දොළොස් මුරයක් පල දරන ජීවන වෘක්ෂය පිහිටා තිබිණි. ඒ වෘක්ෂයේ කොළ, ජාතීන්ගේ සුවය සඳහා විය.
මන්ද, සිංහාසනය මැද සිටින බැටළු පෝතකයාණෝ ඔවුන්ගේ එඬේරාණන් වී, ජීවන දිය උල්පත්වලට ඔවුන් ගෙනයන සේක. දෙවියන් වහන්සේ ද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන සේකැ”යි කී ය.