එවිට ඉශ්රායෙල් කතා කොට, “නුඹලාට ‘තව සහෝදරයෙකු ඇතැ’යි කීමෙන් මට වද කරන්නේ මන්දැ”යි ඇසී ය.
නික්මයාම 14:11 - Sinhala New Revised Version 2018 ඔව්හු මෝසෙස්ට කතා කොට, “මේ පාළුකරයේ මැරෙන්නට අප ගෙනාවේ මිසරයේ මිනීවළවල් නැති නිසා ද? මිසරයෙන් අප පිටත ගෙනවුත් අපට මෙලෙස කරන්නේ මන් ද? Sinhala New Revised Version ඔව්හු මෝසෙස්ට කතා කොට, “මේ පාළුකරයේ මැරෙන්නට අප ගෙනාවේ මිසරයේ මිනීවළවල් නැති නිසා ද? මිසරයෙන් අප පිටත ගෙනවුත් අපට මෙලෙස කරන්නේ මන් ද? Sinhala Revised Old Version ඔව්හු මෝසෙස්ට කථාකොට: කාන්තාරයෙහි මැරෙන්ට නුඹ අප ගෙනාවේ මිසරයෙහි මිනීවළවල් නැති නිසාද? මිසරයෙන් අප ගෙනවුත් අපට මෙලෙස ක්‍රියා කෙළේ මක්නිසාද? |
එවිට ඉශ්රායෙල් කතා කොට, “නුඹලාට ‘තව සහෝදරයෙකු ඇතැ’යි කීමෙන් මට වද කරන්නේ මන්දැ”යි ඇසී ය.
පාරාවෝ සෙනඟට යන්න අවසර දුන් විට, පිලිස්තිවරුන්ගේ දේශය මැදින් වූ මාර්ගය ඉතා කිට්ටු වූ නමුත් එය දිගේ දෙවියන් වහන්සේ ඔවුන් ගෙන නොගිය සේක. මන්ද, ‘සටන් කිරීමට වන බව ඔවුන් දකින කල ඇතැම් විට ඔවුන් සිත වෙනස් කරගෙන මිසරයට ආපසු යත හැකි ය’ කියා උන් වහන්සේ සිතූ බැවිනි.
මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බව සෙනඟ දුටු විට, ඔව්හු ආරොන් වට කර, රැස් වී ඔහුට කතා කොට, “එන්න, අපට පෙරටුව යන පිණිස දෙවියෙකු සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා මේ මෝසෙස් කියන මිනිසාට කුමක් වූයේ ද කියා අපි නොදනිමු”යි කී හ.
“සමිඳාණන් වහන්සේ ඔබ වෙත බැල්ම හෙළා, ඔබට දඬුවම් කරන සේක් වා! මන්ද ඔබ, පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරියෙහි අප පිළිකුලක් කොට මරාදමනු පිණිස ඔබ ඔවුන්ගේ අත්වලට කඩුවක් දුන්නහු ය”යි ඔව්හු කීවෝ ය.
මෝසෙස් සමිඳාණන් වහන්සේ වෙත ආපසු ගොස්, “ස්වාමීනි, ඔබ වහන්සේ මේ සෙනඟට මෙතරම් දරුණු ලෙස ක්‍රියා කරන්නේ මන් ද? ඔබ වහන්සේ මා යැව්වේ කුමක්නිසා ද?
සෙනඟ දුක් ගැනවිලි ගැන කොඳුරන්නට පටන්ගත් විට සමිඳාණන් වහන්සේ ඒවා අසා, ඒවා ගැන අසතුටු වූයෙන්, උන් වහන්සේගේ උදහස ඇවිළිණි. උන් වහන්සේ සෙනඟ අතරට ගින්න එවූ විට, එය ඔවුන් දවා, කඳවුරේ එක කොණක් වනසාලී ය.
ඔබ මට මෙසේ කරන්නෙහි නම්, කරුණාකර, මා මරාදමනු මැනවි. එවිට මගේ කාලකණ්ණිකම මට ම නොපෙනී යනු ඇතැ”යි කීවේ ය.
‘ඒ මුළු සෙනඟ මාගේ මහිමාලංකාරය හා මිසරයේ සහ පාළුකරයේ මා කළ හාස්කම් දැක දැකත්, දස වාරයකට වඩා මා පරීක්ෂා කොට, මා හඬට සවන් නුදුන් බැවින්
පසු දින මුළු ඉශ්රායෙල් ජනතාව මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව මැසිවිලි දොඩමින්, “ඔබ දෙදෙන සමිඳාණන් වහන්සේගේ සෙනඟ මරාදැමුවහු ය”යි කී හ.