ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 12:47 - Sinhala New Revised Version 2018

තවද, මුළු ඉශ්රායෙල් ජනතාව ම පාස්කුව පැවැත්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, මුළු ඉශ්රායෙල් ජනතාව ම පාස්කුව පැවැත්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මුළු ඉශ්‍රායෙල් සභාව ඒක පවත්වනවා ඇත.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 12:47
4 හුවමාරු යොමු  

නුඹලා මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, මෙසේ නිවේදනය කළ යුතු ය. ‘මේ මාසයේ දස වන දින, හැම මිනිසෙක් ම එක් ගෙදරකට බැටළු පැටවෙකු බැගින් පවුලකට බැටළු පැටවෙකු සපයාගත යුතු ය.


එම මාසයේ ම දහහතර වන දින දක්වා ඌ තබාගෙන, එදින හවස රැස් වන මුළු ඉශ්රායෙල් ජනතාව ඌ මැරිය යුතු ය.


එහෙත්, පවිත්‍ර කෙනෙක් හෝ දුර ගමනක් නොගිය යම් මිනිසෙක් හෝ පාස්කුව නොපවත්වන්නේ නම්, ඔහු නියම කාලයේ දී සමිඳාණන් වහන්සේට තම පඬුර නොගෙනා බැවින්, එවැන්නකු සිය සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය. ඔහු තම පාපය ගැන ද වගකිව යුතු වේ.


තවද, නුඹලා සමඟ කලකට වසන විදේශිකයෙක් සමිඳාණන් වහන්සේගේ ගෞරවයට පාස්කුව පැවැත්වීමට කැමැති නම්, ඔහු ද පාස්කුව පිළිබඳ නියෝග පිළිපදිමින්, එහි සම්ප්‍රදායයන් අනුව එය පැවැත්විය යුතු ය. විදේශිකයෙකුට වේ වා ස්වදේශිකයෙකුට වේ වා වලංගු වනුයේ එක ම නියෝගය වේ.’ ”