පළමු වන දිනයෙහි ද, හත් වන දිනයෙහි ද ආගමික රැස්වීමක් පැවැත්විය යුතු ය. එම දිනවල හැම දෙනා ම කෑම පිළියෙළ කිරීම හැර අන් කිසි වැඩක් නොකළ යුතු ය.
පළමුවෙනි දවසේ නුඹලාට ශුද්ධවූ රැස්වීමක්ද සත්වෙනි දවසෙහිත් ශුද්ධවූ රැස්වීමක්ද වන්නේය; ඒ දවස්වල කිසි වැඩක් නොකළ යුතුය, එකිනෙකාගේ කෑම පිණිස උවමනා වැඩක් පමණක්ම කළ යුතුය.
ඔහු ඔවුන් අමතමින්, “සමිඳාණන් වහන්සේ අණ කරන දේ මේ ය. එනම්, ‘හෙට වනාහි නිවාඩු දිනයකි, සමිඳාණන් වහන්සේට කැප කරන ලද සබත් දිනයකි. එබැවින් පිළිස්සීමට අවශ්‍ය නම්, පුළුස්සන්න, තැම්බීමට උවමනා යමක් නම්, තම්බන්න. ඉතිරි වන දේ ඔබේ ප්‍රයෝජනයට ගන්නා පිණිස හෙට වෙන තෙක් පැත්තකට කර තබාගන්නැ”යි කී ය.
බලන්න, මම නුඹට සබත් දිනය දුන් බැවින් හය වන දවසේ දී මම නුඹට දෙදවසක ආහාර දෙමි. සබත් දින නුඹලා සැම කෙනෙක් ම තම තමා සිටින තැන ම නැවතී සිටිය යුතු ය. කිසිවෙකු තම නිවසින් පිටත නොයා යුතු ය”යි වදාළ සේක.
එහෙත්, හය වන දවසේ දී, ඔවුන් දිනපතා එකතු කර ගන්නාක් මෙන් දෙගුණයක් ගෙන, එය පිළියෙළ කළ යුතු ය”යි වදාළ සේක.
එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතු වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ සතෙකු වත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකු වත් කිසි වැඩක් නොකළ යුතු ය.
“නුඹ නුමුහුන් පූප මංගල්‍යය පැවැත්විය යුතු ය. මා නුඹට අණ කළ පරිදි ආබිබ් නම් මාසයේ දී දින හතක් නුමුහුන් පූප අනුභව කළ යුතු ය. මන්ද, නුඹ මිසර දේශයෙන් පිටත ආවේ ඒ මාසයේ ය.
ඔය නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජා මට ඉවසිය නොහැකි ය. අමාවක් උත්සව ද සබත් දවස් ද ආගමික රැස්වීම් ද මට රිසි නැත. නුඹලාගේ පාපවලින් ඒවා දූෂණය වී ඇත.
එදින නුඹලා ශුද්ධ නමස්කාරය පිණිස රැස්වන ලෙස ද බර වැඩ නොකරන ලෙස ද ප්‍රකාශ කළ යුතු ය. මෙය නුඹලාගේ පෙළපත් තුළ නුඹලා කොතැනක විසුවත්, සදහට ම වලංගු නියෝගයකි.
“හත් වන මාසයේ දස වන දින පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කරන දිනයකි. එදින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය. එදින උපවාස කර, ගින්නෙන් දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.
පළමු වන දින ශුද්ධ වන්දනාමාන පිණිස රැස්වීම පැවැත්විය යුතු ය. එදින නුඹලා බර වැඩ නොකළ යුතු ය.
පළමු වන දින ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු ය.
හත් වන දින නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ.”
“සති මංගල්‍යයේ දී, අස්වැන්න මංගල්‍යයේ පළමු වන දින නුඹලා සමිඳාණන් වහන්සේට අලුත් ධාන්‍ය පූජාව ඔප්පු කරන විට නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ.
“හත් වන මාසයේ පළමු වන දින නුඹලා නමස්කාරය පිණිස රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින බර වැඩ නොකළ යුතු ය. එදින, හොරණෑ පිඹීමේ දවසකි.
“හත් වන මාසයේ පසළොස් වන දින නුඹලා නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින බර වැඩ නොකළ යුතු ය. සමිඳාණන් වහන්සේගේ ගෞරවයට දින හතක් ම මංගල්‍යය පැවැත්විය යුතු ය.
එය සබත් දිනට පෙර සූදානම් වීමේ දවස විය. ඒ සබත් දවස විශේෂ දිනයක් වූ බැවින් එදින ශරීර කුරුසිවල ම නොතිබෙන පිණිස, කුරුසියේ ඇණ ගැසූ අයගේ කකුල් කඩා ඔවුන් ඉවත් කරන මෙන් ජුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටියහ.
දින හයක් ඔබ නුමුහුන් පූප කෑ යුතු ය. හත් වන දින දෙවි සමිඳාණන් වහන්සේගේ මහිමය පිණිස ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වා එදින වැඩ නොකළ යුතු ය.”