මෙලෙස ජෝසෙප් ද ඔහුගේ පියාගේ පවුල ද මිසරයේ පදිංචි වූ හ. ජෝසෙප් අවුරුදු එකසිය දහයක් ජීවත් විය.
නික්මයාම 1:5 - Sinhala New Revised Version 2018 ජාකොබ්ගේ පෙළපතින් පැවත ආ සියල්ලෝ හැත්තෑදෙනෙක් වූ හ. ජෝසෙප් එවකට මිසරයෙහි සිටියේ ය. Sinhala New Revised Version ජාකොබ්ගේ පෙළපතින් පැවත ආ සියල්ලෝ හැත්තෑදෙනෙක් වූ හ. ජෝසෙප් එවකට මිසරයෙහි සිටියේ ය. Sinhala Revised Old Version යාකොබ්ගේ කටියෙන් උපන් සියල්ලෝ සැත්තෑ දෙනෙක්ය. යෝසෙප් මිසරයට ගොස් සිටියේය. |
මෙලෙස ජෝසෙප් ද ඔහුගේ පියාගේ පවුල ද මිසරයේ පදිංචි වූ හ. ජෝසෙප් අවුරුදු එකසිය දහයක් ජීවත් විය.
දෙවියන් වහන්සේ වින්නඹුවන්ට මහා කරුණාව පෑ සේක. සෙනඟ ද සංබ්‍යාවෙන් වැඩි වී ඉතා බලසම්පන්න වූ හ.
එකල ජෝසෙප් තම පිය වූ ජාකොබ් ද හැත්තෑපස්දෙනෙකුගෙන් යුත් ඔහුගේ සියලු ඥාතීන් ද කැඳවා යැවී ය.
ඔබේ පියවරුන් මිසර දේශයට යන විට සිටියේ හැත්තෑදෙනෙකි. එහෙත්, දැන් නම් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අහසේ තරු මෙන් ගණනින් ඔබ වැඩි වර්ධනය කර ඇත.”
ගිඩියොන්ට දාව උපන් පුත්‍රයෝ හැත්තෑදෙනෙක් වූ හ. එසේ වූයේ, ඔහුට බොහෝ භාර්යාවන් සිටි බැවිනි.