නාහුම් 3:8 - Sinhala New Revised Version 2018 “එම්බා නිනිවය, තී තීබ්ස් නගරයට වඩා හොඳ ද? ආරක්ෂාව ගෙන දෙන ගංගාවක් ඈ වටේටත් තිබිණ. නයිල් ගඟ ඇගේ දිය අගල ද ප්‍රාකාරය ද විය. Sinhala New Revised Version “එම්බා නිනිවය, තී තීබ්ස් නගරයට වඩා හොඳ ද? ආරක්ෂාව ගෙන දෙන ගංගාවක් ඈ වටේටත් තිබිණ. නයිල් ගඟ ඇගේ දිය අගල ද ප්‍රාකාරය ද විය. Sinhala Revised Old Version නුඹ නෝ-ආමොන්ට වඩා හොඳද? ඈ ගංගා අතරේ පිහිටා, ඈ වටකරින් ජල ඇතුව තිබුණාය; ඇගේ අගළ මුහුද විය, ඇගේ ප්‍රාකාරය මුහුදේ පිහිටුවා තිබුණේය. |
විජාතීන් නුඹට පත් නින්දාව ගැන අසා තිබේ. ඔබේ කෑගැසීමෙන් පොළොව පිරී තිබේ. මන්ද, සෙබළු එකිනෙකා සමඟ ගැටී දෙදෙන ම එකට ඇද වැටෙන්නෝ ය.
මිසරය සියලු රාජ්‍යයන් අතර පහත් රාජ්‍යයක් වන්නේ ය. එය සෙසු ජාතීන්ට වඩා ඉස්මතු නොවන්නේ ය; ඔව්හු තවත් පාලනය නොකරන්නෝ ය. එය සෙසු ජාතීන් තවත් පාලනය නොකරන පිණිස මම මිසරය කුඩා රාජ්‍යයක් කරන්නෙමි.
ගොස් කල්නේ නගරය බලන්න; එතැනින් හමාත් මහා නගරයට යන්න. ඉන්පසු පිලිස්තියේ ගාත් නගරයට යන්න. ඒවා ඔබේ රාජ්‍යන්ට වඩා යහපත් ව තිබුණා ද? නැතහොත් ඔබේ දේශයන්ට වඩා ඒවා විශාල ද?