දේශනාකාරයා 7:27 - Sinhala New Revised Version 2018 කරුණු වටහාගැනීම පිණිස එකක් පාසා විමසමින්, “මම මෙය දැනගතිමි”යි ධර්මදේශකයා කියන්නේ ය. Sinhala New Revised Version කරුණු වටහාගැනීම පිණිස එකක් පාසා විමසමින්, “මම මෙය දැනගතිමි”යි ධර්මදේශකයා කියන්නේ ය. Sinhala Revised Old Version බලව, කාරණය දැනගන්න පිණිස එකක් එකක් පාසා විමසමින්: මේක මම දැනගතිමියි දේශනාකාරයා කියන්නේය. |
මලපතක් වැනි වූ ද සිත ගලක් වැනි වූ ද අත විලංගුවක් වැනි වූ ද ස්ත්‍රිය මරණයටත් වඩා තික්ත ය. දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් වන තැනැත්තේ ඇගෙන් මිදෙයි; එහෙත්, පවිටු අය ඈට අසුවෙති.
මට තවමත් සොයාගත නොහැකි වූ, මාගේ බුද්ධිය තවමත් විමසමින් සිටින කාරණයක් ඇත. දහසක් අතර ගරු කටයුතු එක මිනිසෙකු මට සම්බ වූ නමුත්, දහසක් අතර එවැනි ස්ත්‍රියක් නම්, මට සම්බ නොවූවා ය.