සාරා ද කතා කරමින්, “දෙවියන් වහන්සේ මා හිනැස්සූ සේක. මේ ගැන අසන සියල්ලන් මා සමඟ සිනාසෙනු ඇත.
දේශනාකාරයා 3:4 - Sinhala New Revised Version 2018 අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක් ඇත; වැලපෙන්නට කාලයක් සහ නටන්නට කාලයක් ඇත; Sinhala New Revised Version අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක් ඇත; වැලපෙන්නට කාලයක් සහ නටන්නට කාලයක් ඇත; Sinhala Revised Old Version අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය; විලාපකියන්ට කාලයක් සහ නටන්ට කාලයක්ය; |
සාරා ද කතා කරමින්, “දෙවියන් වහන්සේ මා හිනැස්සූ සේක. මේ ගැන අසන සියල්ලන් මා සමඟ සිනාසෙනු ඇත.
සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණි කල සාවුල්ගේ දුව වන මීකල් කවුළුවෙන් බලා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනු දැක ඇගේ සිතින් ඔහු හෙළා දැක්කා ය.
ඔබ මාගේ දොම්නස සොම්නසට හැරෙවු සේක. ඔබ මාගේ ගෝණි රෙදි මුදා තුටු පිළියෙන් මා සැරසූ සේක.
මන්ද, එතුමාණන්ගේ උදහස ඇසිල්ලකට පමණ ය. එතුමාණන්ගේ කරුණාව දිවි ඇති තාක් ය. රැයේ හැඬීම පවතියි; උදය ප්‍රීතිය උදා වෙයි.
ආරොන්ගේ සොහොයුරිය වන, මීරියම් දිවැසිවරිය කිකිණි බැඳි සිඟිති රබානක් අතින් ගත්තා ය. වනිතාවෝ සියලු දෙන ද කිකිණි බැඳි රබන් පොඩි ලෙලවමින්, නටමින් ඇය පසුපස ගමන්ගත්හ.
පෙම්වතුන්ට එක් වීමට කාලයක් සහ එයින් වැළකීමට කාලයක් ඇත. වැළඳගන්නට කාලයක් සහ වැළඳගැනීමෙන් වළකින්නට කාලයක් ඇත;
සැප සම්පත් ඇති කල ප්‍රීති වන්න; විපත ඇති කල මෙය කල්පනාවට ගන්න; සැපත හා විපත යන දෙක ම එවන්නේ දෙවියන් වහන්සේ ය. ඉන්පසු කුමක් වේ දැ යි කිසිවෙක් නොදනිති.
“කරුණාවෙන් ජෙරුසලම් වැසියන්ට කතා කරන්න; හඬ නඟා ඔවුන්ට මෙසේ කියන්න: ඔවුන්ගේ වහල්කමේ කාලය දැන් ඉවර වී ඇත; පව් කමාව ඔවුන්ට ලැබී ඇත. සියලු පව්වලට දඬුවම දෙගුණය බැගින් සමිඳුන්ගේ හස්තයෙන් ම ඔවුන්ට ලැබී ඇත.”
‘අපි ඔබට නළා පිම්බෙමු, ඔබ නැටුවේ නැත; අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැත’ කියන දරුවන්ට එය සමාන ය.
ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මනාලයා තමන් සමඟ සිටිය දී ඔහුගේ ඥාතිමිත්‍රාදීන්ට ශෝක විය හැකි ද? නොහැකි ය. එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණේ. ඔවුන් ඒ දවසේ දී උපවාස කරනු ඇත.
ඇගේ අසල්වැසියෝ ද නෑයෝ ද සමිඳාණන් වහන්සේ ඈ කෙරෙහි මහා දයානුකම්පාවක් දැක්වූ බැව් අසා ඇය සමඟ ප්‍රීති වූ හ.
දේව කැමැත්ත අනුව සිත් වේදනාව දරාගැනීමෙන් සිත් හරවා ගැනීමේ පසුතැවිල්ලක් ඇති වී, එය ගැළවීමට මඟ පාදන බැවින් කණගාටු වීමට ඉඩක් නැත. එහෙත් ලෞකික පිළිවෙළ අනුව සිත් වේදනාව දරාගැනීම මරණය ගෙන දෙයි.
දුක් වන්න, ශෝක වන්න, හඬා වැලපෙන්න, ඔබගේ සිනහව හැඬීමටත්, ඔබගේ ප්‍රීතිය දුකටත් හැරේ වා.