ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දේශනාකාරයා 10:2 - Sinhala New Revised Version 2018

ප්‍රඥාවන්තයාගේ සිත හරි දේට ද අඥානයාගේ සිත වැරදි දේට ද යොමු වෙයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ප්‍රඥාවන්තයාගේ සිත හරි දේට ද අඥානයාගේ සිත වැරදි දේට ද යොමු වෙයි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ප්‍රඥාවන්තයාගේ හෘදය ඔහුගේ දකුණු පැත්තෙහි තිබේ; නුමුත් අඥානයාගේ හෘදය ඔහුගේ වම් පැත්තෙහිය.

පරිච්ඡේදය බලන්න



දේශනාකාරයා 10:2
11 හුවමාරු යොමු  

නැණනුවණ ඇති අය ජීවන මඟ තේරුම්ගනිති; අනුවණ අය සිය මෝඩකමින් මංමුළා වෙති.


පැණවතුන්ගේ වචන දැනුම පතුරුවාලයි; අඥානයන්ගේ වචනවලින් එවැන්නක් සිදු නොවෙයි.


දැනුම් තේරුම් නැති මෝඩයෙකුට අධ්‍යාපනය සඳහා වියදම් කිරීමෙන් වැඩක් ඇද් ද?


පොරොව මොට්ට වූ විට එය මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදවන්න ඕනෑ වෙයි. ප්‍රඥාවන්තයාට සඵලය ළඟා වෙයි.


අඥානයා දිගින් දිගට කතා කරයි; මතු සිදු වන දේ නොදනියි; ඔහුගේ ඇවෑමෙන් කුමක් සිදු වනු ඇද්දැ යි කාට කිව හැකි ද?


ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.


බැටළුවන් සිය දකුණු පැත්තෙහි ද එළුවන් වම් පැත්තෙහි ද සිටුවන සේක.


එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ.


ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබූ බැවින්, දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුන් වහන්සේ වැඩ සිටින තැන ඇති, ලොව්තුරු දේ ප්‍රාර්ථනා කරන්න.