ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දේශනාකාරයා 10:1 - Sinhala New Revised Version 2018

මළ මැස්සෙකු නිසා සුගන්ධ විලේපනයක් නාස්ති වී යයි. එසේ ම ප්‍රඥා සම්භාරයක් එක මෝඩකමකින් වැනසී යයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මළ මැස්සෙකු නිසා සුගන්ධ විලේපනයක් නාස්ති වී යයි. එසේ ම ප්‍රඥා සම්භාරයක් එක මෝඩකමකින් වැනසී යයි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මළ මැස්සන් නිසා තෛල මිශ්‍රකරන්නාගේ තෙල් ගඳගසා නරක් වේ. එසේම ප්‍රඥාවටත් ගෞරවයටත් වඩා ස්වල්ප මෝඩකමක් බරය.

පරිච්ඡේදය බලන්න



දේශනාකාරයා 10:1
11 හුවමාරු යොමු  

එහෙත්, හනානීගේ පුත් ජේහු නම් දිවැසිවරයා ජෙහෝෂාපාට්ගේ පෙරමඟට පිටත් ව ගොස්, ඔහුට කතා කොට, “දුෂ්ටයාට උපකාර කිරීමත්, සමිඳාණන් වහන්සේට වෛර වන්නන්ට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ කාරණය නිසා ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණ තිබේ.


මම ඔවුන් අමතා මෙසේ කීවෙමි: “ඉශ්රායෙල් රජු වූ සලමොන් මේ දේ කිරීමෙන් පව් කළා නොවේ ද? බොහෝ ජාතීන් අතරේ ඔහුට සමාන රජෙක් සිටියේ නැත; ඔහුගේ දෙවියන් වහන්සේ ද ඔහුට ප්‍රේම කොට මුළු ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් ඔහු පත් කළ සේක. එසේ වී නමුත්, ඔහු පවා අන්‍ය ජාතික ස්ත්‍රීන් විසින් පාපයට පොළඹවන ලදී.


ඔවුන් ඔහුට අල්ලස් දුන්නේ, මා භය වී, කී ලෙස කර පව්කරන පිණිසත් එවිට මට නරක නමක් ලැබී, මට අපහාස වන පිණිසත් ය.


කිරා බැලුවොත්, ඒවා මුහුදේ වැලිවලට වඩා බර ය; මා සැර පරුෂ වචන පැවසීම පුදුමයක් ද?


ඉන්පසු සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකු කරන්නාක් මෙන්, ඒවායින් ආලේපනය සඳහා ශුද්ධ තෛලයක් වන තෙල් සංයෝගයක් සෑදිය යුතු ය. එය ආලේප කරනු පිණිස ශුද්ධ තෛලයක් වනු ඇත.


යුද්ධායුධවලට වඩා ප්‍රඥාව අගනේ ය. එහෙත්, එක පව්කාරයෙකුට හොඳ දේවල් රැසක් බිඳදැමිය හැකි ය.


යමෙකු තමාගේ වස්ත්‍ර කෙළවරේ කැප කරන ලද මාංසය ගෙන යන විට ඒ වස්ත්‍ර කෙළවර පූපවල හෝ පිදූ හොදිවල හෝ මිදියුසවල හෝ තෙල්වල හෝ වෙන‍යම් කෑමක හෝ ගෑවුණොත් ඒවා ඒ හේතුවෙන් කැප කළ ආහාර වන්නේ ද?” ඒ ප්‍රශ්නය ඇසූ විට පූජකයෝ, “නැතැ”යි පිළිතුරු දුන්හ.


නැවතත් හග්ගයි මෙසේ ඇසී ය: “මළමිනියක් ස්පර්ශ කිරීමෙන් අපවිත්‍ර වූ යම් කෙනෙකු ඒ ආහාර ස්පර්ශ කළොත් ඒවා අපවිත්‍ර වෙයි ද?” ඒ ප්‍රශ්නයට පූජකයෝ, “අපවිත්‍ර ය”යි පිළිතුරු දුන්හ.