ඔහු ද ළඟට කිට්ටු වී පියා සිඹගත්තේ ය. එවිට පියාට තම පුත්‍රයාගේ වස්ත්‍රවල සුවඳ දැනී, ඔහුට මෙසේ ආශීර්වාද කෙළේ ය: “බලන්න, මා පුතු සුවඳ, සමිඳුන් ආසිරි දුන් කෙතක සුවඳ මෙනි.
ද්විතීය නීතිය 33:13 - Sinhala New Revised Version 2018 ජෝසෙප්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “සමිඳාණෝ ඔවුන්ගේ රටට ආසිරි වස්වනු සේක් වා! අහසින් වැටෙන පිනි බිඳු සම්පත ද පොළොව යට ඇති අගනා සම්පත ද Sinhala New Revised Version ජෝසෙප්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “සමිඳාණෝ ඔවුන්ගේ රටට ආසිරි වස්වනු සේක් වා! අහසින් වැටෙන පිනි බිඳු සම්පත ද පොළොව යට ඇති අගනා සම්පත ද Sinhala Revised Old Version ඔහු යෝසෙප් ගැන කියනුයේ අහසේ අනර්ඝ දේවලින්ද පිනිවලින්ද යට තිබෙන ගැඹුරෙන්ද |
ඔහු ද ළඟට කිට්ටු වී පියා සිඹගත්තේ ය. එවිට පියාට තම පුත්‍රයාගේ වස්ත්‍රවල සුවඳ දැනී, ඔහුට මෙසේ ආශීර්වාද කෙළේ ය: “බලන්න, මා පුතු සුවඳ, සමිඳුන් ආසිරි දුන් කෙතක සුවඳ මෙනි.
එවිට ඔහුගේ පියා වන ඊසාක් උත්තර දෙමින් මෙසේ කීවේ ය: “මේ බලන්න, පොළොවේ පලදාව ද, අහසේ පිනි ද නුඹේ ගෙවතුවලින් තොර වේ.
තවද, මා නුඹ වෙත මිසරයට එන්නට පෙර, නුඹට දාව මිසර දේශයේ දී බිහි වුණ නුඹේ පුත්තු දෙදෙන මාගේ වන්නෝ ය. රූබන් සහ සිමියොන් මෙන් ම එප්‍රායිම් සහ මනස්සේ මාගේ වන්නෝ ය.
ජෝසෙප් එවිට තම පියාට උත්තර දෙමින්, “මොවුහු දෙවියන් වහන්සේ මෙහි දී මට දුන් මාගේ පුත්‍රයෝ ය”යි කී ය. එවිට ඔහු, “කරුණාකර, මා ළඟට මොවුන් ගෙනෙන්න, මම මොවුන්ට ආශීර්වාද කරමි”යි කීවේ ය.
පොළොවේ දිය දහර තෙක් මුල් බැස ගිය, රෑ පින්නෙන් තෙමී ගිය, අතුපතර ඇති ගසකට මම සමාන වීමි.
ඔබ සතුරන් සමඟ සටන් කරන දවසේ දී ඔබේ සෙනඟ සිය කැමැත්තෙන් ඔබට එකතු වන්නෝ ය. අලුයම පිනි මෙන්, ඔබේ තරුණයෝ ඔබ වෙත පැමිණෙති.
එතුමන්ගේ ඥානයෙන් පොළොවේ ගැඹුරු තැන් කණිනු ලැබී ය; වලාකුළුවලින් පිනි බින්දු කාන්දු වනු ඇත.
සමිඳුන් මට කතා කොට මෙසේ වදාළ සේක: “දාවල් ග්‍රීෂ්ම වේලාවේ පායන හිරු මෙන් සන්සුන් ව ද ගොයම් කපන කාලයේ උණුසුම් රැයේ පිනි වලාකුළක් මෙන් නිශ්චල ව ද මම ස්වර්ගයේ සිට බලන්නෙමි.
ඉශ්රායෙල්ට මම පිනි මෙන් වන්නෙමි. ඔවුන් මානෙල් මෙන් පිපෙනු ඇත; ලෙබනොන්හි ගස් මෙන් මුල් අදිනු ඇත.
ජාකොබ්ගේ සෙනඟ අතරෙන් ඉතිරි කුඩා පිරිස බොහෝ ජාතීන් උදෙසා සමිඳාණන් වහන්සේ එවා වදාළ පිනි බිංදු මෙන් ද තණ මත වැහි බිංදු මෙන් ද වන්නෝ ය. ඔවුන්ගේ විශ්වාසය සමිඳාණන් වහන්සේ කෙරෙහි මිස මිනිසා කෙරෙහි නොවන්නේ ය.
ඔවුන් සාමදානයෙන් බීජ වපුරනු ඇත. මිදි වැල්වල පල හටගන්වනු ඇත; භූමියෙන් අස්වැන්න ලැබෙනු ඇත; ඇති පමණට වැසි වසිනු ඇත. මේ සියලු ආසිරි මම මාගේ දේශයේ ඉතිරි ව සිටින අයට දෙන්නෙමි.
අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජෝසෙප්ගේ පුතුන් අතරෙන් එප්‍රායිම්ගේ ගෝත්‍රයට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.
මා සික පද වැහි බිඳු මෙන්, මා කථනය පිනි බිඳු මෙන්, ළා පැළ මත වැසි පොද මෙන්, ළා තණ මත මල් වැසි මෙන් වැටේ.
ඉශ්රායෙල් ජනයා සුරැකි ව වසනු ඇත. ජාකොබ්ගේ පෙළපත ධාන්‍ය ද කෙත් හා මිදියුස ද ඇති සරුසාර රටක වසනු ඇත. අහස් තලය පිනි බිඳු වස්වනු ඇත.