ද්විතීය නීතිය 32:50 - Sinhala New Revised Version 2018 නුඹේ සොහොයුරු ආරොන් හෝර් කන්දේ දී මරණයට පත් වී, පවුලේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබුවාක් මෙන්, නුඹ ද නඟින්නට යන කන්දේ දී මරණයට පත් වී පවුලේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබිය යුතු ය. Sinhala New Revised Version නුඹේ සොහොයුරු ආරොන් හෝර් කන්දේ දී මරණයට පත් වී, පවුලේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබුවාක් මෙන්, නුඹ ද නඟින්නට යන කන්දේ දී මරණයට පත් වී පවුලේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබිය යුතු ය. Sinhala Revised Old Version නුඹේ සහෝදරවූ ආරොන් හෝර් කන්දේදී මැරී තමාගේ සෙනඟට එකතුවුණාක් මෙන්, නුඹත් මැරී නුඹේ සෙනඟට එකතුවෙන්න. |
ඉෂ්මායෙල් අවුරුදු එකසිය තිස්හතක් ආයු වළඳා, අවසන් හුස්ම හෙළා මියගිය පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී.
මෙසේ ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී අවසන් හුස්ම හෙළා මරණයට පත් වූ පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී.
මෙසේ ජාකොබ් තම පුතුන්ට උපදෙස් දී නිම කළ කල්හි, ඔහු තම පාද යහනට ගෙන, අවසන් හුස්ම හෙළා තම සෙනඟට එක් විය.
නම් වෙනස් කරන ලද නෙබෝ සහ බාල්-මෙයොන් ද, සිබ්මා ද යන නගර ඉදි කළහ. ඔව්හු තමන් ගොඩනැඟුවා වූ නගරවලට අලුත් නාම ද තැබූ හ.
ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ගිය හතළිස් වන අවුරුද්දේ පස් වන මාසයේ පළමු වන දින සමිඳාණන් වහන්සේගේ අණ පරිදි පූජක ආරොන් හෝර් නම් කන්දට නැංග පසු, එහි දී මියගියේ ය.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බලන්න, නුඹ මැරෙන කාලය දැන් ආසන්න ය. ජෝෂුවා කැඳවා, මා ඔහුට වගකීම භාර දෙන පිණිස නුඹලා දෙදෙන සම්මුඛ මණ්ඩපයෙහි පෙනී සිටින්නැ”යි වදාළ සේක. මෝසෙස් සහ ජෝෂුවා ගොස් සම්මුඛ මණ්ඩපයෙහි පෙනී සිටියෝ ය.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, නුඹේ පියවරුන් කළුරිය කළ පරිදි නුඹත් කළුරිය කරන්නට දැන් ආසන්න ව සිටින්නෙහි ය. නුඹේ මරණින් පසු මේ සෙනඟ මට අවිශ්වාසවන්ත ව ඔවුන් පදිංචි වන රටෙහි විදේශිකයන්ගේ දෙවිදේවතාවන් වැළඳගෙන, මා අත්හැර, ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩ කරන්නෝ ය.