එබැවින් ජොර්දාන් ගඟින් එගොඩ වී, එතෙර ඇති සරුසාර රට ද දැකුම්කලු කඳුකරය ද ලෙබනොන් දේශය ද දැකගැනීමට මට කරුණාකර අවසර දෙනු මැනව’යි ඉල්ලීමි.
එගොඩට ගොස් යොර්දානෙන් එතර තිබෙන ඒ යහපත් දේශයද ඒ ශෝභන කඳු රටද ලෙබනොන්ද දකින පිණිස මට යන්ට ඉඩදුන මැනවයි කීයෙමි.
මිසර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා, ඒ රටින් ඔවුන් පිට කරවා, සාරවත් විශාල දේශයකට, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි.
මිසර දේශයේ දී මා ඔවුන්ට ප්‍රකාශ වූ දවසේ දී, මම මෙසේ වදාළෙමි: මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ යැයි මිසර දේශයේ දී ඔවුන්ට දිවුරා කීවෙමි. මා ඔවුන් උදෙසා තෝරාගත්, කිරෙන් ද මී පැණියෙන් ද ඉතිරෙන, අන් සියලු දේශවලට වඩා උතුම් දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවන්නෙමි කියා ඒ දවසෙහි මම ඔවුන්ට පොරොන්දු වුණෙමි.
එබැවින් ඔබ අපට අනුග්‍රහය දක්වන්නහු නම්, මේ දේශය ඔබේ දාසයන් වන අපට උරුම කොට දෙනු මැනවි. අප ජොර්දාන් නදියෙන් එතෙරට ගෙන නොයන්නැ”යි කී හ.
“එහෙත්, සමිඳාණන් වහන්සේ ඔබ නිසා මා සමඟ කිපී, මා කී දේට සවන් නුදුන් සේක. උන් වහන්සේ මට කතා කොට, ‘දැන් නුඹ කතා කළා ඇති, මේ කරුණ මින්පසු මට සඳහන් නොකරන්න.