තවද, නා නා විධ විශාල සෙනඟක් ද ඔවුන්ට එකතු වී ගමන්ගත්හ. එළු බැටළු හා ගව පට්ටි ද සත්තු සිව්පාවෝ ද විශාල ගණනක් රංචු රංචු පිටින් ගියහ.
ද්විතීය නීතිය 3:19 - Sinhala New Revised Version 2018 එහෙත්, ඔබේ භාර්යාවන් ද සිඟිති දරුවන් ද මා දන්නා පරිදි ඔබ සතු බහුල ව සිටින ගවමහිෂයන් ද මා ඔබට දුන් නගරවල නැවතී සිටිය යුතු ය. Sinhala New Revised Version එහෙත්, ඔබේ භාර්යාවන් ද සිඟිති දරුවන් ද මා දන්නා පරිදි ඔබ සතු බහුල ව සිටින ගවමහිෂයන් ද මා ඔබට දුන් නගරවල නැවතී සිටිය යුතු ය. Sinhala Revised Old Version එහෙත් නුඹලාගේ භාර්යාවෝද බාලයෝද සිව්පාවෝද මා නුඹලාට දී තිබෙන නුවරවල සිටිත්වා; (නුඹලාට බොහෝ සිව්පාවන් ඉන්න බව දනිමි.) |
තවද, නා නා විධ විශාල සෙනඟක් ද ඔවුන්ට එකතු වී ගමන්ගත්හ. එළු බැටළු හා ගව පට්ටි ද සත්තු සිව්පාවෝ ද විශාල ගණනක් රංචු රංචු පිටින් ගියහ.
එවිට ඔව්හු මෝසෙස්ට ළං වී, ඔහුට කතා කොට, “අපි මෙහි අපේ බැටළුවන්ට ගාල් ද අපේ කුඩා අයට නගර ද ඉදි කරන්නෙමු.
අපේ කුඩා අය ද භාර්යාවන් ද එළු බැටළු පට්ටි ද ගවමහිෂ සියල්ලන් ද ගිලියද්හි නගරවල නවතිනු ඇත.
මෝසෙස් ජොර්දාන් ගඟින් මෙගොඩ ඔබට දී තිබෙන දේශයෙහි ඔබේ භාර්යාවන් ද කුඩා දරුවන් ද ගවමහිෂයන් ද පදිංචි වනු ඇත. එහෙත්, ඔබ අතර සියලු බලසම්පන්න පුරුෂයන් සන්නාහ සන්නද්ධ ව ඔබේ සහෝදරයන්ට පෙරටුව යමින් ඔවුන්ට උපකාර කරනු ඇත.