ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 29:24 - Sinhala New Revised Version 2018

සියලු ජාතීහු මේවා දැක, ‘සමිඳාණන් වහන්සේ මේ රටට මෙසේ කෙළේ මන් ද? මෙතරම් දරුණු උදහසකට හේතුව කුමක් දැ’යි අසන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සියලු ජාතීහු මේවා දැක, ‘සමිඳාණන් වහන්සේ මේ රටට මෙසේ කෙළේ මන් ද? මෙතරම් දරුණු උදහසකට හේතුව කුමක් දැ’යි අසන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මේ දේශයට ස්වාමීන්වහන්සේ මෙසේ කළේ මක්නිසාද? මේ මහත්වූ උදහසේ බලවත්කමට කාරණය කිමෙක්දැයි කියනවා ඇත.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 29:24
16 හුවමාරු යොමු  

උන් වහන්සේගේ පනත් ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළ උන් වහන්සේගේ ගිවිසුම ද ඔවුන්ට උන් වහන්සේ දුන් උන් වහන්සේගේ අවවාද ද එපා කර, වැදගැම්මක් නැති නිෂ්ඵල රූපවලට නමස්කාර කොට, වැදගැම්මක් නැති අය වෙමින් ඔවුන් වටකර සිටි විජාතීන් මෙන් නොකරන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ නමුත්, ඒ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව හැසුරුණෝ ය.


මෙසේ සිද්ධ වූයේ, ඔවුන් තම දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී උන් වහන්සේගේ ගිවිසුම වන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් අණ කළ සියල්ල කඩ කළ නිසා ය. ඔව්හු ඒවා අසන්නට වත්, කරන්නට වත් නොකැමැති වූ හ.


එහෙත්, සමිඳාණන් වන මා අත්හැර, මාගේ ශුද්ධ කන්ද අමතක කර, වාසනාවේ දේවතාවී වන ගාද්ට මේසයක් පිළියෙළ කර, දෛවයේ දේවතාවී වන මේනීට බඳුන් පුරවා, මිදියුස ඔප්පු කරන නුඹලා,


“නුඹ මේ කරුණු මේ සෙනඟට දැන්වූ විට ඔවුන් නුඹෙන් මෙසේ අසනු ඇත: ‘මේ සියලු බරපතල විපත්ති සමිඳාණන් වහන්සේ අප පිට පැමිණෙව්වේ මන් ද? අපේ අපරාධය කුමක් ද? අපේ දෙවි ස්වාමීන් වහන්සේට විරුද්ධ ව අප කළ පාපය කුමක් ද?’ ”


ඒ වනාහි ඔවුන්ගේ පියවරුන් මා අතින් අල්ලාගෙන මිසර දේශයෙන් පිටතට ගෙන එන්නට පියවර ගත් කාලයේ දී මා ඔවුන්ගේ ස්වාමි පුරුෂයා ව සිටිය දී මා සමඟ කළ ගිවිසුම ඔව්හු කඩ කළෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


රැකවල් සේනාවේ අධිපතියා ජෙරමියා තමා වෙත ගෙන්වාගෙන ඔහුට මෙසේ කීවේ ය: “ඔබේ දෙවි ස්වාමීන් වහන්සේ මේ දේශයට විරුද්ධ ව මේ විපත්තිය ප්‍රකාශ කළ සේක.


තවද, “අපේ දෙවි සමිඳාණන් වහන්සේ මේ සියල්ල අපට කෙළේ මන්දැ”යි සෙනඟ අසන කල, “ ‘නුඹලා මා අත්හැර නුඹලාගේ දේශයේ දී විජාතීන්ගේ දෙවිවරුන්ට සේවය කළ ලෙස ම, නුඹලාට අයිති නැති දේශයක දී විජාතීන්ට නුඹලා සේවය කරන්නහු යැ’යි ඔවුන්ට කියන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.


‘එදිරිකාරයා සහ සතුරා ජෙරුසලමේ දොරටුවලට ඇතුළු වන්නේ ය’යි පොළොවේ රජවරු ද ලෝකයේ සියලු වැසියෝ ද විශ්වාස නොකළෝ ය.


නුඹලා ඔවුන්ගේ හැසිරීම ද ක්‍රියා ද දුටු විට නුඹලා සැනසෙනු ඇත. කුමක් නිසා ද, මා එහි කළ සියල්ල නිකරුණේ නොකළ බව නුඹලා දැනගනු ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.’ ”


“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ගිවිසුම කඩ කරමින්, දිවුරුම සුළු කළ නුඹේ ක්‍රියාවලට සුදුසු ලෙස මම නුඹ ගැන ක්‍රියා කරන්නෙමි.


නුඹලාගේ රට ද සහමුලින් ම පාළු කර හරින්නෙමි. එහි පදිංචි වන නුඹලාගේ සතුරන් එය දැක මවිත වනු ඇත.


එහෙත් ඔබ මුරණ්ඩු ය; දරදඬු සිතක් ඔබට ඇත. දෙවියන් වහන්සේ ස්වකීය සාධාරණ විනිශ්චය එළිදරව් කරන්නට යන දේව උදහසේ දවසට ඔබ දුර්විපාක රැස් කරන්නෙහි ද?