ඔහු ජෙරුසලම් වැසියන් ද සියලු අධිපතීන් ද සියලු යුද්ධ භටයන් ද වන දසදහස්දෙනෙකු සහ සියලු ශිල්පීන් ද ආචාරීන් ද විප්‍රවාසයට ගෙන ගියේ ය. දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතිරි නො වූ හ.
ද්විතීය නීතිය 28:41 - Sinhala New Revised Version 2018 ඔබට දරුදැරියන් ලැබෙන නමුත්, ඔවුන් වහල්කමට යන බැවින් ඔව්හු ඔබට අයිති නොවන්නෝ ය. Sinhala New Revised Version ඔබට දරුදැරියන් ලැබෙන නමුත්, ඔවුන් වහල්කමට යන බැවින් ඔව්හු ඔබට අයිති නොවන්නෝ ය. Sinhala Revised Old Version නුඹ පුත්‍රයන්ද දූවරුන්ද ජාතකකරන නුමුත් ඔව්හු නුඹට නොවන්නෝය; මක්නිසාද ඔව්හු වහල්කමට යන්නෝය. |
ඔහු ජෙරුසලම් වැසියන් ද සියලු අධිපතීන් ද සියලු යුද්ධ භටයන් ද වන දසදහස්දෙනෙකු සහ සියලු ශිල්පීන් ද ආචාරීන් ද විප්‍රවාසයට ගෙන ගියේ ය. දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතිරි නො වූ හ.
තවද, ඉශ්රායෙල්වරු තමන්ගේ සහෝදරයන්ගෙන් ස්ත්‍රීන් ද පුත්‍රයන් ද දූවරුන් ද දෙලක්ෂයක් අල්ලාගෙන, ඔවුන්ගෙන් විශාල කොල්ලයකුත් රැගෙන ඒ කොල්ලය සමාරියට ගෙන ගියෝ ය.
ඔවුන්ගේ වැඩ නිරර්ථක නොවන්නේ ය. ඔවුන්ගේ දරුවෝ විපත්තියට පත් නොවන්නෝ ය. මන්ද, ඔව්හු සමිඳුන්ගෙන් ආශීර්වාද ලත් වංශය වෙති. ඔවුන්ගේ දරුවෝ ද එසේ ම වෙති.
සමිඳාණෝ දැහැමි ය; එතුමන්ගේ අණසකට එරෙහි ව කැරලි ගැසුවේ මම ය. අනේ! සියලු ජාතිනි, සවන් දී මාගේ දුක බලන්න. මාගේ කන්‍යාවන් ද මාගේ තරුණයන් ද වහල්කමට ගෙන ගොස් ඇත.
ඇගේ එදිරිකාරයෝ දැන් ඇගේ ස්වාමිවරුන් වී සිටිති. ඇගේ සතුරෝ සෞභාග්‍යය භුක්ති විඳිති. එසේ වූයේ, ඇගේ අපරාධ රාශිය නිසා සමිඳාණන් ඈට පීඩා කළ බැවිනි. පීඩා කරන්නා විසින් පලවා හරිනු ලැබූ ඇගේ දරුවන් ඈ අත්හැර ගොස් ඇත.
නුඹලාගේ ප්‍රියාදර දරුවන් නිසා හිස කෙස් කපන්න, හිස බූගාන්න. ඔවුන් නුඹලා වෙතින් වහල්කමට ගෙනයනු ලබන නිසා ගිජු ලිහිණියෙකුගේ හිස මෙන් හිස මුඩු කරගන්න.”
ඔබේ දරුදැරියෝ අන් ජනතාවකට පාවා දෙනු ලබන්නෝ ය, ඔවුන්ගේ පැමිණීම ගැන දවස පුරා ඔබ ආසාවෙන් බල බලා සිටීමෙන් ඔබේ ඇස් අඳුරු වනු ඇත, ඒ ගැන ඔබට කිසිවක් කළ නොහැකි වන්නේ ය.