එවිට නුවර ප්‍රජා මූලිකයන් ඔහු කැඳවා, ඔහුට කතා කළ යුතු ය. ‘මම ඇය සරණ පාවාගන්නට අකමැත්තෙමි’යි ඔහු තදින් කියා සිටින්නේ නම්,
එවිට ඔහුගේ නුවර වැඩිමහල්ලෝ ඔහු අඬගස්වා ඔහු සමඟ කථාකරත්වා. ඔහු ස්ථිරව සිට ඈ පාවාගන්ට නොකැමැත්තෙමියි කියන්නේ නම්,
එහෙත්, ඒ තැනැත්තා මියගිය තම සහෝදරයාගේ බිරිඳ පාවා ගන්නට අකමැති නම්, ඈ වාසල් දොරකඩ සිටින ප්‍රජා මූලිකයන් වෙත ගොස්, ‘මාගේ සැමියාගේ සහෝදරයා, ඔහුගේ මියගිය සහෝදරයාට ඉශ්රායෙල් ජනයා අතර නාමයක් රඳවාගැනීම ප්‍රතික්ෂේප කරයි. මාගේ සැමියාගේ සහෝදරයාට පැවරෙන යුතුකම් ඔහු ඉටු කරන්නේ නැතැ’යි කිව යුතු ය.
ඔහුගේ සහෝදරයාගේ බිරිඳ ප්‍රජා මූලිකයන් බලා සිටිය දී ම ඔහු වෙත පැමිණ ඔහුගේ පාදයෙන් සෙරෙප්පුවක් ගලවා, ඔහුගේ මුහුණට කෙළ ගසා, ‘තම සහෝදරයාට පෙළපතක් ඇති නොකරන මිනිසාට මෙසේ කළ යුතු ය’යි කිව යුතු ය.
ඒ බව ඔබට දන්වන්නටත්, මෙසේ කියන්නටත් මම සිතුවෙමි. ඔබට එය උවමනා නම්, මෙහි සිටින තැනැත්තන් හා අපේ සෙනඟගේ මෙම ප්‍රජා මූලිකයන් ඉදිරියේ ඔබ එය මුදාගන්න. එය ඔබට උවමනා නැත්නම්, මට ඒ බව කියන්න. මන්ද, එය මුදාගැනීමේ අයිතිවාසිකම තිබෙන්නේ පළමු ව ඔබට ය; ඊට පසු ව මට ය. මම එය මුදාගනිමි.”
එයට ඇවැස්ස නෑයා උත්තර දෙමින්, “කාරණය එසේ නම්, මම කුඹුර මිලයට ගැනීමට මාගේ අයිතිවාසිකම යොදවන්නේ නැත. එසේ කළොත් මාගේ උරුමයන් නැති වන්නට ඉඩ තිබේ. කුඹුර මිලේට ගැනීමට මට ඇති අයිතිවාසිකම ඔබට ම භාර කරමි. මට එය උවමනා නැතැ”යි කී ය.
යම්කිසි විටක ඉඩකඩම් මුදාගැනීමේ දී හෝ හුවමාරු කිරීමේ දී හෝ ඉශ්රායෙල් රටේ මිනිසුන් අතරේ පැවති ස්ථීර කිරීමේ සිරිත මෙසේ ය: විකුණන්නා පාවහන ගලවා මිලයට ගන්නාට දෙයි. ඉශ්රායෙල්හි පැවති ගනුදෙනුව සහතික කිරීමේ පිළිවෙළ මෙය විය.