“ඔබේ සහෝදරයාට අයිති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ මංමුළා ව ගොස් සිටිනු දැක, ඌ ගැන සලකා බලා, ඔබේ සහෝදරයා වෙත ඌ ආපසු ගෙනා යුතු ය.
ද්විතීය නීතිය 22:3 - Sinhala New Revised Version 2018 ඔබේ සහෝදරයාට අයිති ව තිබී, නැති වූ, පසුව ඔබ සොයාගත් ඔහුගේ කොටළුවෙකු හෝ ඔහුගේ වස්ත්‍ර හෝ අන් හැම දෙයක් හෝ සම්බන්ධයෙන් ද ඔබ මගනෑර එලෙස ම සලකා බලා ක්‍රියා කළ යුතු ය. Sinhala New Revised Version ඔබේ සහෝදරයාට අයිති ව තිබී, නැති වූ, පසුව ඔබ සොයාගත් ඔහුගේ කොටළුවෙකු හෝ ඔහුගේ වස්ත්‍ර හෝ අන් හැම දෙයක් හෝ සම්බන්ධයෙන් ද ඔබ මගනෑර එලෙස ම සලකා බලා ක්‍රියා කළ යුතු ය. Sinhala Revised Old Version ඔහුගේ කොටළුවා ගැනත් එසේම කරන්න; ඔහුගේ වස්ත්‍රය ගැනත් එසේම කරන්න; නුඹේ සහෝදරයාගෙන් නැතිවුණාවූ නුඹට සම්බවුණාවූ කොයි දෙයක් ගැනත් එසේම කරන්න. නුඹ එයින් මගනෑරිය යුතුය. |
“ඔබේ සහෝදරයාට අයිති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ මංමුළා ව ගොස් සිටිනු දැක, ඌ ගැන සලකා බලා, ඔබේ සහෝදරයා වෙත ඌ ආපසු ගෙනා යුතු ය.
එහෙත්, ඔබේ සහෝදරයා අසලක නොසිටී නම්, නොහොත් ඔබ ඔහු නොදන්නෙහි නම්, ඔහු ඌ සොයා එන තුරු ඔබ ඌ ගෙදර ගෙන යා යුතු ය. ඔහු ඌ සොයා ආ විට ඒ සතා ඔහුට ආපසු භාර දිය යුතු ය.
“ඔබේ සහෝදරයාගේ කොටළුවා හෝ ගොනා හෝ පාරේ වැටී සිටිනු ඔබ දුටුවහොත්, අහක බලාගෙන නොගොස් ඌ නැගිටුවාලීමට ආධාර කළ යුතු ය.