අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් පටන් ගිලියද් දක්වා ගඟ අද්දර වූ නගරය ඇතුළු සියලු ම නුවරවල් අල්ලාගැනීමට අපේ දෙවි සමිඳාණන් වහන්සේ සැලැසූ සේක. අපට අල්ලාගන්නට නොහැකි තරම් උස් වූ එක ම නගරයක් වත් නො වී ය.
ද්විතීය නීතිය 2:35 - Sinhala New Revised Version 2018 අපගේ ම ප්‍රයෝජනයට අපි ගවමහිෂයන් පැහැරගෙන, අල්ලාගත් නගරවලින් වස්තුව කොල්ලකෑවෙමු. Sinhala New Revised Version අපගේ ම ප්‍රයෝජනයට අපි ගවමහිෂයන් පැහැරගෙන, අල්ලාගත් නගරවලින් වස්තුව කොල්ලකෑවෙමු. Sinhala Revised Old Version සිව්පාවුන්ද අප අල්ලාගත් නුවරවල සම්පත්ද පමණක් අපට කොල්ලයක් පිණිස ගතිමු. |
අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් පටන් ගිලියද් දක්වා ගඟ අද්දර වූ නගරය ඇතුළු සියලු ම නුවරවල් අල්ලාගැනීමට අපේ දෙවි සමිඳාණන් වහන්සේ සැලැසූ සේක. අපට අල්ලාගන්නට නොහැකි තරම් උස් වූ එක ම නගරයක් වත් නො වී ය.
එහෙත්, කාන්තාවන් ද කුඩා දරුවන් ද ගවමහිෂයන් ද ඒ නුවරින් කොල්ලකාගත් මුළු වස්තුව ද ඔබේ ප්‍රයෝජනයට තබාගත හැකි ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් ඔබේ සතුරන්ගේ කොල්ලකාගත් වස්තුව ඔබට භුක්ති විඳිය හැකි ය.
නුඹ ජෙරිකෝවටත් එහි රජුටත් කළාක් මෙන් ආයි නගරයටත්, එහි රජුටත් කරන්න. එහි වස්තුව හා ගවයන් නුඹලාට කොල්ලයක් වශයෙන් ගන්න. නගරයට එහායින් රහසේ රැක සිටින සේනාවක් සූදානම් කර තබන්නැ”යි වදාළ සේක.
එහෙත්, ගවයන් ද ඒ නගරයේ වස්තුව ද සමිඳාණන් වහන්සේ ජෝෂුවාට අණ කළ පරිදි, ඉශ්රායෙල්වරු තමන්ට කොල්ලයක් කොට ගත්තෝ ය.