බලන්න, මේ දේශය නුඹලා ඉදිරියෙහි ඇත. සමිඳාණන් වහන්සේ නුඹලාගේ ආදි පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට ද ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ පෙළපතට ද දෙන්නට පොරොන්දු වී දිවුළ දේශයට ඇතුළු වී එය හිමි කරගන්න.’ ”
ද්විතීය නීතිය 2:31 - Sinhala New Revised Version 2018 “එවිට සමිඳාණන් වහන්සේ මා අමතා ‘මෙන්න, සීහොන් රජු සහ ඔහුගේ දේශය මම නුඹට දෙන්නට පටන්ගතිමි. එම දේශය අල්ලාගෙන, උරුම කරගන්නැ’යි වදාළ සේක. Sinhala New Revised Version “එවිට සමිඳාණන් වහන්සේ මා අමතා ‘මෙන්න, සීහොන් රජු සහ ඔහුගේ දේශය මම නුඹට දෙන්නට පටන්ගතිමි. එම දේශය අල්ලාගෙන, උරුම කරගන්නැ’යි වදාළ සේක. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මට කථාකොට: බලව, සීහොන්ද ඔහුගේ දේශයද නුඹට පාවා දෙන්ට පටන්ගතිමි. ඔහුගේ දේශය හිමි කරගන්නා පිණිස එය අල්ලාගන්ට පටන් ගන්නැයි කීසේක. |
බලන්න, මේ දේශය නුඹලා ඉදිරියෙහි ඇත. සමිඳාණන් වහන්සේ නුඹලාගේ ආදි පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට ද ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ පෙළපතට ද දෙන්නට පොරොන්දු වී දිවුළ දේශයට ඇතුළු වී එය හිමි කරගන්න.’ ”
“සමිඳාණන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘නැඟිට, ගමන අරඹා, අර්ණොන් නදියෙන් එතෙර වන්න. මෙන්න, හෙෂ්බොන්හි රජ වූ අමෝරි ජාතික සීහොන් ද ඔහුගේ රට ද මම නුඹේ බලයට දුනිමි. එය සතු කරගනු පිණිස සටන් අරඹා පහර දෙන්න.
“එහෙත් හෙෂ්බොන්හි රජ වූ සීහොන් අපට දේශය මැදින් යන්නට අවසර නුදුන්නේ ය. එසේ නුදුන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු ඔබේ බලයට පාවා දෙනු පිණිස, උන් වහන්සේ ඔහුගේ සිත දැඩි ලෙස මුරණ්ඩු කළ නිසා විය හැක.