දවස් දෙකක් හෝ මාසයක් හෝ අවුරුද්දක් හෝ වලාකුළ මණ්ඩපය මත රැඳී තිබුණේ නම්, ඉශ්රායෙල් ජනයා පිටත් ව නොගොස්, තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. එය ඉවත් කරනු ලැබූ විට ඔව්හු යන්නට පිටත් වූ හ;
ද්විතීය නීතිය 2:3 - Sinhala New Revised Version 2018 ‘නුඹලා බොහෝ කලක් මේ කඳුකරයෙහි සංචාරය කළහු ය. දැන් උතුරු දිශාවට හැරෙන්න. Sinhala New Revised Version ‘නුඹලා බොහෝ කලක් මේ කඳුකරයෙහි සංචාරය කළහු ය. දැන් උතුරු දිශාවට හැරෙන්න. Sinhala Revised Old Version නුඹලා මේ කඳුකරය වටකර ගිය කාලය ඇත. උතුරු දෙසට හැරී යන්න. |
දවස් දෙකක් හෝ මාසයක් හෝ අවුරුද්දක් හෝ වලාකුළ මණ්ඩපය මත රැඳී තිබුණේ නම්, ඉශ්රායෙල් ජනයා පිටත් ව නොගොස්, තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. එය ඉවත් කරනු ලැබූ විට ඔව්හු යන්නට පිටත් වූ හ;
“අපේ දෙවි සමිඳාණන් වහන්සේ හොරෙබ් කන්දේ දී අපට මෙසේ කතා කළ සේක: ‘නුඹලා මේ කන්ද මත මෙතෙක් කල් විසුවා ඇත.
කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් නික්මුණු දා සිට ශෙරෙද් නම් නදියෙන් එගොඩ වන තෙක් ගත වූ කාලය අවුරුදු තිස්අටකි. සමිඳාණන් වහන්සේ දිවුළ පරිදි ඒ කාලය තුළ ඒ පෙළපතට අයත් මුළු භට හමුදාව නැසී ගියේ ය.
නුඹ ද සෙනඟට අණ කරමින් මෙසේ කියන්න: ඔබේ ඥාතීන් වූ ඒසව්ගේ පෙළපත පදිංචි වී සිටින සේයිර් නම් දේශය ඔස්සේ ඔබ යා යුතු ය. ඔවුන් ඔබට බිය වනු ඇත. එබැවින් ප්‍රවේසම් වන්න.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ කළ සියල්ලෙහි දී ඔබට ආශීර්වාද කළ සේක. මේ මහා පාළුකරය මැදින් ඔබ ගිය ගමන උන් වහන්සේ දන්නා සේක. මේ අවුරුදු හතළිහ ම උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටිය බැවින් ඔබට කිසි ම අග හිඟයක් නො වී ය.