මීකායා ද, “ඔබ ඇත්තටම සාමදානයෙන් හැරී ආවොත් සමිඳාණන් වහන්සේ මා ලවා කතා කෙරෙව්වේ නැත. ජනයිනි, ඔබ සියල්ලන් ම අසන්නැ”යි කීවේ ය.
ද්විතීය නීතිය 18:22 - Sinhala New Revised Version 2018 දිවැසිවරයෙකු සමිඳාණන් වහන්සේගේ නාමයෙන් කතා කිරීමට ඉදිරිපත් වූ නමුත්, ඔහු කී දේ සිදු නොවේ නම්, ඉටු නොවේ නම්, ඒ කරුණ සමිඳාණන් වහන්සේ නොවදාළ එකකි. එය දිවැසිවරයා තම හිතුවක්කාරකමින් කී කරුණකි. එවැන්නෙකුට ඔබ බිය නොවිය යුතු ය.” Sinhala New Revised Version දිවැසිවරයෙකු සමිඳාණන් වහන්සේගේ නාමයෙන් කතා කිරීමට ඉදිරිපත් වූ නමුත්, ඔහු කී දේ සිදු නොවේ නම්, ඉටු නොවේ නම්, ඒ කරුණ සමිඳාණන් වහන්සේ නොවදාළ එකකි. එය දිවැසිවරයා තම හිතුවක්කාරකමින් කී කරුණකි. එවැන්නෙකුට ඔබ බිය නොවිය යුතු ය.” Sinhala Revised Old Version අනාගතවක්තෘ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් කථාකරන දේ ඉෂ්ට නොවන්නේ නම්, නොපැමිණෙන්නේ නම්, ඒ වනාහි ස්වාමීන්වහන්සේ නොකී කාරණයය. ඒ අනාගතවක්තෘතෙම ඒක හිතුවක්කාරකමින් කීවේය, ඔහුට භයනොවන්නැයි මට කීසේක. |
මීකායා ද, “ඔබ ඇත්තටම සාමදානයෙන් හැරී ආවොත් සමිඳාණන් වහන්සේ මා ලවා කතා කෙරෙව්වේ නැත. ජනයිනි, ඔබ සියල්ලන් ම අසන්නැ”යි කීවේ ය.
ඒ කාලයේ දී හෙසකියා රෝගී ව මරණාසන්න විය. ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ඔහු ළඟට අවුත්, “නුඹේ කටයුතු පිළියෙළ කර තබන්න. මන්ද, නුඹ මැරෙන්නෙහි ය. ජීවත් නොවන්නෙහි ය කියා සමිඳාණන් වහන්සේ කියන සේකැ”යි ඔහුට කී ය.
ඔබමොබ පියාඹන ගේ කුරුල්ලා මෙන් ද ඉගිළී යන වැහිලිහිණියා මෙන් ද හේතුවක් නැති ව කරන සාපය නොරැඳී පලා යයි.
මෙහි පැමිණ සිදුවන්න යන දේ ගැන අපට කියන්න. ඒවා සිදු වූ විට අපට දැනගන්න පුළුවන. සිතා බලන පිණිස පසු ගිය දේවල තේරුම අපට කියා දෙන්න.
ජෝනා නගරයට ඇතුළු වී එක දවසක් ගමන් කර, “තව දින සතළිසකින් නිනිවය වැනසෙනු ඇතැ”යි මොරගසා ප්‍රකාශ කෙළේ ය.
ඔහු සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: “අහෝ සමිඳුනි, මාගේ රටේ මා සිටිය දී, මා කීවේ මෙය ම නොවේ ද? තර්ෂිෂ්ට පලා යන්නට මා ඉක්මන් වූයේ එබැවිනි. මන්ද, ඔබ දයාවන්ත, අනුකම්පා සහගත, වහා නොකිපෙන සුලු, ඉතා කරුණාවන්ත, විපත්ති පැමිණ වීමට නොකැමැති දෙවි කෙනෙකු බව මම දැනගෙන සිටියෙමි.
සියලු මනුෂ්‍ය ජාතීනි, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වන්න. උන් වහන්සේ ස්වකීය ශුද්ධස්ථානයෙන් නැඟිට වඩින සේක.
එහෙත්, මාගේ නාමයෙන් දිවැස් වැකි කීමට ඉදිරිපත් වන දිවැසිවරයා, මා අණ නොකළ දෙයක් කීමට හිතට ගතහොත් හෝ අන් දේවතාවන්ගේ නාමයෙන් කතා කළොත් හෝ ඒ තැනැත්තා මරනු ලැබේ.’
“ ‘සමිඳාණන් වහන්සේ නොවදාළ දිවැස් වැකියක් තිබේ නම්, අපි ඒ ගැන කෙසේ දැනගන්නෙමු දැ’යි ඔබ සිතන්න පුළුවන.
සාමුවෙල් වැඩුණේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු කී හැම දෙයක් ම එකක් වත් නෑර ඉෂ්ට කළ සේක.