විඩාවට පත්වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිඳාණෝ හැම උදයක ම මා තුළ උනන්දුවක් ඇති කරවන සේක.
ද්විතීය නීතිය 18:17 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මට කතා කොට ‘ඔවුන් කී දේ නැණවත් ය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මට කතා කොට ‘ඔවුන් කී දේ නැණවත් ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔවුන් කී දේ මනා ලෙස කීවෝය. |
විඩාවට පත්වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිඳාණෝ හැම උදයක ම මා තුළ උනන්දුවක් ඇති කරවන සේක.
දෙවි සමිඳුන් මාගේ කන් පහදා ඇත. මා එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවේ වත්, එතුමන්ට පිටුපා ගියේ වත් නැත.
එවිට සමිඳාණන් වහන්සේ සිය අත දිගු කොට, මාගේ මුඛය ස්පර්ශ කරමින් මට මෙසේ වදාළ සේක: “මෙන්න, මාගේ පණිවුඩය නුඹේ මුඛයෙහි තැබීමි.
නුඹේ සහෝදර ජනතාව අතරෙන් නුඹ හා සමාන දිවැසිවරයෙකු තෝරා පත් කොට, ඔහු කිය යුතු දේ ඔහුට කියා දෙන්නෙමි. ඔහුට මා අණ කරන සියල්ල, ඔවුන්ට ඔහු දන්වනු ඇත.
එහෙත්, අප යළි මරණයට මුහුණ දිය යුත්තේ මන් ද? මේ මහා ගින්න අප දවාලන්නට පුළුවන. අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට අප තවදුරටත් සවන් දුන්නොත් අපට මරණය නියත ය.
“ඔබ මට කතා කළ විට, ඔබේ කටහඬ සමිඳාණන් වහන්සේට ඇසිණි. එවිට උන් වහන්සේ මා අමතා මට මෙසේ වදාළ සේක: ‘මේ සෙනඟ ඔබට කී දේ මට ඇසිණි. ඔවුන් කී සියල්ල හොඳින් කියා ඇත,