ඔවුන් ඔබට දෙන උපදෙස් සහ ඔබට දන්වන නඩු තීන්දුව අනුව ක්‍රියා කළ යුතු ය. ඔවුන් ඔබට දෙන තීන්දුව අකුරට ම පිළිපැදිය යුතු ය.
ඔවුන් නුඹට දන්වා දෙන ව්‍යවස්ථාවේද නුඹට කියන විනිශ්චයේද හැටියට කරන්න. ඔවුන් නුඹට දන්වන තීන්දුවෙන් දකුණටවත් වමටවත් නොහැරෙන්න.
රජ ද, “මේ සියල්ල සම්බන්ධ ව ජෝවාබ් ඔබට අනුබල දී ඇද්දැ”යි ඇසී ය. ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෙනි, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් කී සියල්ල මඟ හැර දකුණට වත්, වමට වත් යන්නට කිසිවෙකුට නොහැකි බව ඔබේ නාමයෙන් මම දිවුරා කියමි. එසේ ය, ඔබේ සේවක වන ජෝවාබ් ම මට අණ කර ඔහු ම මේ සියලු වචන ඔබේ දාසීගේ කටට දුන්නේ ය.
හරි මඟින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්න; ඔබේ දෙපා නපුරෙන් දුරු කරගන්න.
තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් ඉශ්රායෙල් ජනයාට වදාළ සියලු ම නීති නියෝග නුඹ ඔවුන්ට ඉගැන්විය යුතු ය”යි වදාළ සේක.
සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයෙහි ඔවුන් දෙන තීන්දුව අනුව ඔබ ක්‍රියා කළ යුතු ය. ඔවුන් ඔබට දන්වන පරිදි ඔබ සියල්ල පිළිපැදිය යුතු ය.
මෙලෙස සිය සහෝදරයන්ට ඉහළින් තමා ගැන උඩඟු නොවන්නේ ය. ඉශ්රායෙල් ජනයා මැද සිහසුන අරා ඔහුත්, ඔහුගේ දරුපරපුරත් චිරාත් කාලයක් ජීවත් වන පරිදි අණපනත්වලට කීකරු ව ඒවා අකුරට ම ඉටු කරන්නේ ය.”
“මිනිසුන් අතර ආරාවුලක් හටගෙන, උසාවියට ගිය විට, විනිශ්චයකරුවන් ආරාවුල් විසඳමින්, නිවැරදිකරු නිදොස් කොට, වරදකරුට දඬුවම් දිය යුතු ය.
මා ඔබට මෙදින නියම කරන දේවල් ඔබ අකුරට ම පිළිපැදිය යුතු ය. අන් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් නොකළ යුතු ය.”
“එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ පරිදි ඔබ හැම පිළිපැදිය යුතු ය. ඒ කිසිවකට ඔබ අකීකරු නොවිය යුතු ය.
නිලධාරීන්ට හා ආණ්ඩු බලය ඇත්තන්ට යටත් වී, කීකරු වීමට ද, සියලු යහපත් වැඩට සූදානම් ව සිටීමට ද ඔබේ සෙනඟට මතක් කරන්න.
මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න.
එබැවින්, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන සියල්ල අකුරට ම පිළිපැදීමට තරයේ ම අධිෂ්ඨාන කරගන්න.
විශේෂයෙන් ශාරීරික ලෙස අපිරිසිදුකමේ තෘෂ්ණාව අනුව හැසිරෙන්නන්ට ද ආධිපත්‍යයට අපහාස කරන්නන්ට ද උන් වහන්සේ එසේ කරන සේක. සාහසික අහංකාරී මොවුහු, ස්වර්ගයේ උත්තමයන්ට නින්දා කිරීමට බිය නොවෙති.
එමෙන් ම මොවුහු තමන් දකින සිහින කරණකොටගෙන ශරීරය කිලුටු කරගනිති, දේවාධිපත්‍යය හෙළා දකිති, සුරලොව වාසීන්ට නින්දා කරති.