දැනට එහි මිටියාවතේ අමලෙක්වරු සහ කානානිවරු පදිංචි ව සිටිති. එබැවින් හෙට, ආපසු හැරී රතු මුහුදට යන මාර්ගයෙන් පාළුකරයට යන්නැ”යි වදාළ සේක.
ද්විතීය නීතිය 1:40 - Sinhala New Revised Version 2018 එහෙත්, ඔබ හැම නැවත හැරී, රතු මුහුදට යන පාර වැටී ඇති පාළුකරයට ගමන් කරන්නැ’යි වදාළ සේක.” Sinhala New Revised Version එහෙත්, ඔබ හැම නැවත හැරී, රතු මුහුදට යන පාර වැටී ඇති පාළුකරයට ගමන් කරන්නැ’යි වදාළ සේක.” Sinhala Revised Old Version නුඹලා වනාහි හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට ගමන්කරන්න යයි කීසේක. |
දැනට එහි මිටියාවතේ අමලෙක්වරු සහ කානානිවරු පදිංචි ව සිටිති. එබැවින් හෙට, ආපසු හැරී රතු මුහුදට යන මාර්ගයෙන් පාළුකරයට යන්නැ”යි වදාළ සේක.
මිසරයේ හමුදාවටත් ඔවුන්ගේ අශ්වයන්ට සහ රථවලටත් උන් වහන්සේ කළ දේ ද, ඔවුන් ඔබ ලුහුබැඳ යද්දී රතු මුහුදේ වතුර ඔවුන් මත ගලා යෑමට සලස්වා ඔවුන් සහමුලින් ම වැනසූ අන්දම ද,
“ඉන්පසු සමිඳාණන් වහන්සේ මට කී පරිදි, අපි හැරී රතු මුහුදට යන පාර වැටී ඇති පාළුකරය ඔස්සේ ගමන් කෙළෙමු. සේයිර් කඳුකරයෙහි අප බොහෝ කලක් සංචාරය කළ පසු
එහෙත්, ඉශ්රායෙල්වරුන් මිසර දේශයෙන් ආ කල ඔව්හු රතු මුහුද දක්වා පාළුකරයේ ගමන් කර කාදෙෂ්ට පැමිණියෝ ය.