තමාගේ අවවාදය ලෙස නොකරන ලද බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම් කොට, පිටත් ව සිය නගරයේ තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, පවුලේ කටයුතු ගැන විධි විධාන යොදා එල්ලී මැරුණේ ය. ඔහු තම පියාගේ සොහොන් ගෙයි තැන්පත් කරනු ලැබී ය.
යෝබ් 7:15 - Sinhala New Revised Version 2018 මෙසේ ජීවත් වීමට වැඩියෙන් ගෙල මිරිකා මරණු ලැබීම මට හොඳ ය; මෙවන් දුක් රාශියට වඩා මරණය යෙහෙකි. Sinhala New Revised Version මෙසේ ජීවත් වීමට වැඩියෙන් ගෙල මිරිකා මරණු ලැබීම මට හොඳ ය; මෙවන් දුක් රාශියට වඩා මරණය යෙහෙකි. Sinhala Revised Old Version ඒ නිසා බෙල්ල මිරිකා නසනු ලැබීමටත්, මාගේ මේ ඇටවලට වඩා මරණයටත් මාගේ ආත්මය කැමතිවන්නේය. |
තමාගේ අවවාදය ලෙස නොකරන ලද බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම් කොට, පිටත් ව සිය නගරයේ තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, පවුලේ කටයුතු ගැන විධි විධාන යොදා එල්ලී මැරුණේ ය. ඔහු තම පියාගේ සොහොන් ගෙයි තැන්පත් කරනු ලැබී ය.
ඔව්හු මරු එන තුරු බලා සිටිති; එහෙත්, මරු එන්නේ නැත. අන් සැම සම්පතට වඩා ඔව්හු සොහොන අගේ කරති.
මට කිසි පැතුමක් නැත; මට ජීවිතය තිත්ත වී ඇත; මට හුදකලා ව ඉන්නට ඉඩ දුන මැනව. මාගේ දිවිය සුළං රොදක් පමණකි.
මෙසේ මුළු මිනිස් ලොවෙහි හැම කටයුත්තක් ම අයහපත් බව මට පෙනිණි. මම ජීවිතයට අප්‍රිය කෙළෙමි. හැම දෙය ම සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් නිසරු බව දිටිමි.
මේ නපුරු පරම්පරාවෙන් ඉතිරි වන මා විසින් විසුරුවා හරින ලද තැන්වල ඉතිරි ව සිටින අය, ජීවත් වීමට වඩා මැරෙන්නට කැමැති වනු ඇත. මෙසේ පවසන්නේ සියලු බලැති ස්වාමීන් වන මම ය.”
තවද, ඉර උදා වූ කල, ඉතා උෂ්ණ සුළඟක් පෙරදිගින් හමන්න උන් වහන්සේ නියම කළ සේක. අවුරශ්මිය ජෝනාගේ හිසට වැදී ඔහු ක්ලාන්ත වී, “ජීවිතයට වඩා මරණය හොඳ ය” කියා සිය ප්‍රාණය හානි කරන ලෙස යාච්ඤා කෙළේ ය.
ඒ දවස්වල දී මනුෂ්‍යයන් මරණය සොයන නමුත්, කිසිසේත් එය හමු නොවන්නේ ය. ඔවුන් මරණය පතන නමුත්, මරණය ඔවුන් කෙරෙන් පලා යන්නේ ය.