කඩුවෙන් වත්, හෙල්ලයෙන් වත්, කුඩා හෙල්ලයෙන් වත්, ඊතලයෙන් වත් පහර දී ඌට තුවාළ කළ නොහැකි ය.
කඩුවද හෙල්ලයද කුඩා හෙල්ලයද ඊතලයද ඇතුව ඌට විරුද්ධව පැමින්නත්, ඒවා නිෂ්ඵලවෙයි.
ඌ නැඟිටින විට මහා වීරයෝ පවා බියට පත් වෙති. ඌ කඩා පනින විට ඔව්හු බියෙන් ඇලළී යති.
යකඩ වුව ද ඌට පිදුරු වැනි ය. ලෝකඩ වුවත් දිරා ගිය ලීයක් වැනි ය.
එහි මැද හිස දැමීමට සිදුරක් තිබිය යුතු අතර මේ සිදුර නොඉරෙන පිණිස, හම් කබායක සිදුර මෙන් එය වට වියන ලද වාටියක් තිබිය යුතු යි.