යෝබ් 41:23 - Sinhala New Revised Version 2018 උගේ හමේ රැළි එකට ඇලී ඇත. එය නොනැමෙන යකඩ මෙන් තද ව ඇත. Sinhala New Revised Version උගේ හමේ රැළි එකට ඇලී ඇත. එය නොනැමෙන යකඩ මෙන් තද ව ඇත. Sinhala Revised Old Version උගේ මස්පිඩු එකට ඇලී, නොසෙල්වෙන හැටියට ඌ පිට තදව තිබේ. |
“මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝ ගැන විලාපයක් නඟමින් ඔහුට මෙසේ කියන්න: නුඹ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමාන කරනු ලැබුවෙහි ය. නුඹ ජලයෙහි සිටින කිඹුලෙකු වැනි ය. නුඹේ ගංගාවල නුඹ පැන පැන ගොස්, නුඹේ පාදවලින් වතුර කළඹා ගංගා කිළුටු කෙළෙහි ය.
උන්ගේ ළය වැසුම් යකඩ ළය වැසුම් මෙන් විය. උන්ගේ පියාපත්වල ශබ්දය යුද්ධයට කඩා පනින බොහෝ අශ්වරථවල ශබ්දයට සමාන ය.