මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක්, එනම් දවාල පාලනය කිරීම සඳහා ලොකු ආලෝකය ද, රාත්‍රිය පාලනය කිරීම සඳහා කුඩා ආලෝකය ද සෑදූ සේක; තාරකා ද සෑදූ සේක.
යෝබ් 38:33 - Sinhala New Revised Version 2018 අහසේ නක්ෂස්ත්‍ර නීති නුඹ දන්නෙහි ද? පොළොව කෙරෙහි ඒවායේ බලපෑම නුඹට නියම කළ හැකි ද? Sinhala New Revised Version අහසේ නක්ෂස්ත්‍ර නීති නුඹ දන්නෙහි ද? පොළොව කෙරෙහි ඒවායේ බලපෑම නුඹට නියම කළ හැකි ද? Sinhala Revised Old Version නුඹ අහසේ නියෝග දන්නවාද? නොහොත් ඒකේ ආණ්ඩුබලය පොළොව කෙරෙහි පිහිටුවන්ට නුඹට පුළුවන්ද? |
මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක්, එනම් දවාල පාලනය කිරීම සඳහා ලොකු ආලෝකය ද, රාත්‍රිය පාලනය කිරීම සඳහා කුඩා ආලෝකය ද සෑදූ සේක; තාරකා ද සෑදූ සේක.
පොළොව පවතින තෙක්, වැපිරීම හා කැපීම ද ශීත හා උණුසුම ද සිසිර හා ගිම්හානය ද දවාල හා රාත්‍රිය ද නොකඩවා පවතිනු ඇත.”
නියම කලට ග්‍රහ රාශි චක්‍ර ලග්නවල පිහිටුවන්නට නුඹට හැකි ද? මහ වලසා සහ කුඩා වලසා නම් තරු වැල් හසුරුවන්නට නුඹට හැකි ද?
එහෙත්, ස්වාමීන් වන මම දවාලත්, රාත්‍රියත් සමඟ ද අහසත්, පොළොවත් මෙහෙයවන නීති රීති සමඟ ද ගිවිසුමක් පිහිටෙව්වෙමි.