යෝබ් 36:2 - Sinhala New Revised Version 2018 “දෙවිඳුන් ගැන කිය යුතු තවත් දේ ඇත; ඒවා ඔබට පෙන්වා දෙන තුරු මඳක් ඉවසන්න. Sinhala New Revised Version “දෙවිඳුන් ගැන කිය යුතු තවත් දේ ඇත; ඒවා ඔබට පෙන්වා දෙන තුරු මඳක් ඉවසන්න. Sinhala Revised Old Version මා නුඹට පෙන්වාදෙන පිණිස මා ගැන ටිකක් ඉවසන්න; මක්නිසාද දෙවියන්වහන්සේ උදෙසා තවත් දේ කියන්ට තිබේ. |
මා දන්න දෙයින්, මාගේ පුළුල් අවබෝධයෙන් මාගේ මැවුම්කාර උතුමාණන්ගේ දැහැමි බව පෙන්වා දෙමි.
ඔහු නුඹ වෙනුවෙන් සෙනඟට කතා කරනු ඇත. මෙසේ ඔහු නුඹේ නියෝජිතයා වන්නේ ය. නුඹ දෙවියන් වහන්සේ මෙන් ඔහුට කුමක් කිව යුතු දැ යි කියා දෙන්නෙහි ය.
මෙයට සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “නුඹ ආපසු ආවොත් මම නුඹ නැවත පිළිගන්නෙමි. නුඹ ද මා ඉදිරියේ සිටින්නෙහි ය. නුඹ නොවටින දේ නොව, අගනා දේ කතා කරන්නෙහි නම්, නුඹ මාගේ මුඛය මෙන් වන්නෙහි ය. එවිට සෙනඟ නුඹ වෙත හැරී එනු ඇත. ඔවුන් වෙත යන්න නුඹට වුවමනාවක් නොවනු ඇත.
ඔවුන් ඉතා කැරලිකාර බැවින් ඔවුන් සවන් දුන්නත් නුදුන්නත් මාගේ වචනය ඔවුන්ට ප්‍රකාශ කරන්න.
දෙවියන් වහන්සේ ම අප මඟින් ඔබ හට ආයාචනා කරන්නාක් මෙන්, අපි ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වී, දෙවියන් වහන්සේ හා සමඟි වන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් ඔබට ආයාචනා කරමු.
සහෝදරවරුනි, මේ අවවාදාත්මක පණිවුඩය ඉවසිල්ලෙන් අසන මෙන් ඉල්ලමි. මා මෙය ලියා ඇත්තේ ලුහුඬින් ය.