යෝබ් 30:31 - Sinhala New Revised Version 2018 මාගේ වීණා නාදය විලාප ශබ්දයට ද මාගේ නළා ස්වර ශෝක හඬට ද වෙනස් වී ඇත.” Sinhala New Revised Version මාගේ වීණා නාදය විලාප ශබ්දයට ද මාගේ නළා ස්වර ශෝක හඬට ද වෙනස් වී ඇත.” Sinhala Revised Old Version එබැවින් මාගේ වීණාව වැලපීමටත් මාගේ නළාව හඬන්නන්ගේ ශබ්දයටත් මාරුවී තිබේ. |
මාගේ හිස කරකැවේ; භීතියෙන් මම වෙවුළමි; සවස් වන තුරු මම බලාපොරොත්තුවෙන් බලා සිටිමි. එහෙත්, සවස් වූ විට ඇති වූයේ භීතිය පමණකි.
ඒ නිසා සව් බලැති දෙවි සමිඳාණෝ හැඬීමටත්, වැලපීමටත්, ගෝණි රෙදි ඇඳීමටත්, හිස බූගෑමටත් නුඹලා කැඳෙවු සේක.
නුඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යන් කරන්නෙමි; නුඹලාගේ තුති ගී ළතෝනි බවට හරවන්නෙමි. නුඹලාගේ බඳ වටා ගෝණි හඳවා හිස් මුඩු කරන්නෙමි. එක ම පුතාගේ මරණය නිසා වැලපෙන දෙමවුපියන් මෙන් නුඹලා වැලපෙන්නහු ය. ඒ දවස කෙළවර දක්වා තිත්ත ම තිත්ත වන්නේ ය.