යෝබ් 3:4 - Sinhala New Revised Version 2018 ඒ දවස අඳුරෙන් වැසේ වා! සගලොව දෙවිඳාණෝ එය නොතකා හරිත් වා! අරුණලු එහි නොදිළේ වා! Sinhala New Revised Version ඒ දවස අඳුරෙන් වැසේ වා! සගලොව දෙවිඳාණෝ එය නොතකා හරිත් වා! අරුණලු එහි නොදිළේ වා! Sinhala Revised Old Version ඒ දවස අන්ධකාරය වේවා; දෙවියන්වහන්සේ ඉහළ සිට ඒක නොසලකා හරිනසේක්වා, ඒ කෙරෙහි ආලෝකය නොබැබළේවා. |
ඒ දවස කළුවර අඳුරු දවසක් ය; වලාකුළු සහිත ගන අඳුරු දවසක් ය. ගන අඳුර කඳු පිට පැතිර යන්නාක් මෙන් මහා හමුදාවක් පැමිණෙන්නේ ය. එවැන්නක් කිසි කලෙක නො වී ය; මතු පරම්පරාවල කවදා වත් නොවන්නේ ය.
සමිඳාණන් වහන්සේගේ පැමිණීමේ දවස ආසාවෙන් බලා සිටින ඔබට වන්නට යන විපතක මහත! ඒ දවසේ ඔබට කිසි යහපතක් වෙයි ද? එය ආලෝකයේ දවසක් නොව, අන්ධකාරයේ දවසක් වන්නේ ය.
බොහෝ දවස් ඉර වත් තාරකා වත් නොපෙනුණ බැවින් ද, තද කුණාටුවක් පැවතුණ බැවින් ද අපේ ආරක්ෂාව ගැන තිබුණු සියලු බලාපොරොත්තු එතැන් පටන් සුන් වී ගියේ ය.
එය ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සලකන රටකි, අවුරුද්දේ මුල සිට අග දක්වා උන් වහන්සේගේ බැල්ම නිතර ම ඒ රට කෙරෙහි යොමු ව පවතී.
පස්වැන්නා තමාගේ පාත්‍රය මෘගයාගේ සිංහාසනය පිට වැගිරෙව්වේ ය. ඔහුගේ රාජ්‍යය අඳුරින් වැසී ගියේ ය. ඔව්හු වේදනා නිසා දිව් විකාගත්හ.