යෝබ් 3:19 - Sinhala New Revised Version 2018 සොහොන් ගැබ තුළ ලොකු කුඩා සියල්ලෝ එක හා සමාන ය; වහලා තම ස්වාමියාගෙන් නිදහස් ය. Sinhala New Revised Version සොහොන් ගැබ තුළ ලොකු කුඩා සියල්ලෝ එක හා සමාන ය; වහලා තම ස්වාමියාගෙන් නිදහස් ය. Sinhala Revised Old Version කුඩා අයත් ලොකු අයත් එහි සිටිති; දාසයාද තම ස්වාමියාගෙන් නිදහස්ව සිටියි. |
ඔහු පෙරටුවෙන් හා පිටුපසින් ඔහුගේ අවමඟුල් පෙරහැරේ දහස් ගණන් සෙනඟ ගමන් කරති. පොළොවේ පස පවා ඔහු පිට මෘදු ලෙස වැටෙයි.
ඔව්හු උස් දෙයට භය වන්නෝ ය. මාර්ගයෙහි ද බියජනක දේ වන්නේ ය. ඔබේ හිසකේ කොට්ටම්බා ගසේ මල් මෙන් සුදු වන්නේ ය. ඔබ පළඟැටියා මෙන් ගාටමින් යන්නෙහි ය. ඔබේ කායික ආසා පහ ව යන්නේ ය. මන්ද, මනුෂ්‍යයා තමාගේ සදාතන නිවෙසට යන්නේ ය. විලාප කියන්නෝ ද වීදිවල ඇවිදින්නෝ ය.
අපේ ශරීර වරක් තිබුණු ලෙස පොළොවේ දූවිල්ලට හැරී යන්නටත්, මිනිස් හුස්ම එය දුන් දෙවියන් වහන්සේ වෙත හැරී යන්නටත් පළමුවෙන් ය.
මරණයෙන් වැළකීමට වත්, මරණය කල් දැමීමට වත් කෙනෙකුට නොහැකි ය. සටනෙන් මිදීමකුත් නැත; දුෂ්ටයාට, දුෂ්ටකම නිසා නිදහස්වීමක් නැත.