යෝබ් 20:14 - Sinhala New Revised Version 2018 පසු ව ඒ ආහාර සර්ප විෂට හැරී බඩ දැඟලීම ඇති කරයි. Sinhala New Revised Version පසු ව ඒ ආහාර සර්ප විෂට හැරී බඩ දැඟලීම ඇති කරයි. Sinhala Revised Old Version ඔහුගේ කෑම ඔහුගේ අතුණුවල වෙනස්වී, ඔහු තුළ සර්පයන්ගේ විෂ වන්නේය. |
නුඹේ නපුරුකම නුඹට පඩිසන් දෙයි; මට ද්‍රෝහි වීම නුඹට දොස් පවරයි. නුඹේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අත්හැරදමා යාමත්, මා කෙරෙහි තවත් ගරුබිය නොදැක්වීමත් කොතරම් නපුරු අප්‍රිය දෙයක් දැ යි හොඳින් සලකා බලන්න. මෙසේ වදාරන්නේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය.”
“නුඹලාගේ ක්‍රියාවලින් මට ගෞරව නොකරන්නහු නම්, මා වදාරන දේට නුඹලා සවන් නොදෙන්නහු නම්, එය හොඳින් සිතට නොගන්නහු නම්, නුඹලා පිට මම සාපයක් පමුණුවන්නෙමි. නුඹලා ලබන ආශීර්වාදය සාපයට හරවමි. ඇත්ත වශයෙන් නුඹලා මාගේ ආඥා තදින් සිතට නොගත් නිසා දැනටමත් මා ඒවාට සාප කර ඇත.
ඔවුන්ගේ උගුර විවර වූ මිනී වළක් වැනි ය. ඔව්හු සිය දිව්වලින් මුසාවාද පවසති. ඔවුන්ගේ තොල් යට පොළොං විස ඇත.
ඔවුන් සාගින්නෙන් දැවෙනු ඇත. දැඩි උණකට, දරුණු වංසගතයට බිලි වනු ඇත. ඔවුන් ඉරාදැමීමට වන සතුන් එවමි. සර්ප විසෙන් ඔවුන් වනසාදමමි.