එහෙත්, ඔබේ පියා මා රවටා, මාගේ කුලිය දස වාරයක් වෙනස් කෙළේ ය. එහෙත්, මට නපුරක් කිරීමට දෙවියන් වහන්සේ ඔහුට ඉඩ නුදුන් සේක.
යෝබ් 19:3 - Sinhala New Revised Version 2018 දිගින් දිගට ම ඔබ මට අපහාස කළහු ය; විළි බිය නැති ව මට අයුක්තිය කළහු ය. Sinhala New Revised Version දිගින් දිගට ම ඔබ මට අපහාස කළහු ය; විළි බිය නැති ව මට අයුක්තිය කළහු ය. Sinhala Revised Old Version දැන් දස වරක් නුඹලා මට නින්දා කළහුය; ලජ්ජා නැතුව මට අයුක්තිය කළහුය. |
එහෙත්, ඔබේ පියා මා රවටා, මාගේ කුලිය දස වාරයක් වෙනස් කෙළේ ය. එහෙත්, මට නපුරක් කිරීමට දෙවියන් වහන්සේ ඔහුට ඉඩ නුදුන් සේක.
ජෝසෙප් ඔහුගේ සහෝදරයන් දැක, ඔවුන් හඳුනාගත් නමුත්, තමා නාඳුනන්නාක් මෙන් හඟවා, ඔවුන්ට තදින් කතා කරමින්, “නුඹලා ආවේ කිනම් රටකින් දැ”යි ඇසී ය. “ආහාර මිලට ගනු පිණිස කානාන් දේශයෙන් ය”යි ඔව්හු කී හ.
තවද, ඔවුන් අතර විසූ ජුදෙව්වරු පැමිණ, “ඔවුන්, ජීවත් ව සිටින සියලු තැන්වලින් අවුත්, අප පිට කඩා පනිනු ඇතැ”යි කීප වරක් ම අපට කී හ.
සීමාවක් නැති ඔබේ ප්‍රලාපවලින් අප නිහඬ කිරීමට ඔබ සිතන්නෙහි ද? ඔබ අනන්මනන් දොඩන විට යමෙකු ඔබට දොස් නොනඟා සිටිනු ඇද් ද?
මාගේ බිරිඳට මාගේ හුස්ම පවා දරන්නට බැරි ය; එක කුසේ උපන් අයටත් මම පිළිකුලක් වී සිටිමි.
ඔබ ඉදිරිපත් කළ චෝදනා මට අපහාසයකි. එහෙත්, මාගේ බුද්ධිය ඉක්මවා යන ආත්මානුභාවය ඊට පිළිතුරු සපයනු ඇත.
මා නුඹලාට ආහාර සපයන මාර්ග වැනසූ පසු, ස්ත්‍රීන් දසදෙනෙකුට රොටි පුළුස්සනු සඳහා එක උදුනක් ප්‍රමාණවත් වනු ඇත. නුඹලාගේ රොටි ඔවුන් සලාක කොට කිරා දුන් පසු, නුඹලා ඒවා කන නමුත්, නුඹලා සෑහීමට පත් නොවන්නහු ය.
‘ඒ මුළු සෙනඟ මාගේ මහිමාලංකාරය හා මිසරයේ සහ පාළුකරයේ මා කළ හාස්කම් දැක දැකත්, දස වාරයකට වඩා මා පරීක්ෂා කොට, මා හඬට සවන් නුදුන් බැවින්