යෝබ් 19:24 - Sinhala New Revised Version 2018 යකඩ පන්හිඳකින් ගලේ කොටා, ඊයම් යොදා, සදහට ම තබන්නට ඇත්නම්, කොපමණ හොඳ ද? මට එක දෙයක් සහතික ය: Sinhala New Revised Version යකඩ පන්හිඳකින් ගලේ කොටා, ඊයම් යොදා, සදහට ම තබන්නට ඇත්නම්, කොපමණ හොඳ ද? මට එක දෙයක් සහතික ය: Sinhala Revised Old Version යකඩ පන්හිඳකින් හා ඊයම්වලින් සදාකාලේටම පර්වතයෙහි කොටා තබන්ටත් යෙදුණොත් කොපමණ හොඳද! |
එනම්, මාගේ මිදුම්කාරයාණන් ජීවත් ව සිටින බව ද අන්තිමේ දී, මා වෙනුවෙන් කතා කරන බව ද මම දනිමි.
ඒ ගල්වල ඉශ්රායෙල් ජනයාගේ නම් තිබිය යුතු වේ. මෙලෙස නම් ඇති ගල් දොළහේ, මුද්‍රා කැටයම් මෙන්, එක් එක් ගලක ගෝත්‍ර දොළහේ නම් එක එක බැගින් තිබිය යුතු ය.
ඒ ගල් පුවරු දෙවියන් වහන්සේගේ නිර්මාණයක් විය. ඒවායේ කෙටූ ලියවිල්ල ද දෙවියන් වහන්සේගේ ම ලියවිල්ල විය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජුදා වැසියෙනි, නුඹලාගේ පාපය යකඩ පෑනකින් ලියා තිබේ. වජ්‍ර තුඩකින් එය නුඹලාගේ සිත නමැති පුවරුවේ ද පූජාසනයේ නෙරා ඇති අං වැනි කොන්වල ද කොටා තිබේ.