යෝබ් 15:29 - Sinhala New Revised Version 2018 එහෙත්, ඔහු සමෘද්ධ නොවන්නේ ය; ඔහුගේ වස්තුව නොපවතින්නේ ය, මෙලොව ඔහුට ස්ථිර ජීවිතයක් නැත. Sinhala New Revised Version එහෙත්, ඔහු සමෘද්ධ නොවන්නේ ය; ඔහුගේ වස්තුව නොපවතින්නේ ය, මෙලොව ඔහුට ස්ථිර ජීවිතයක් නැත. Sinhala Revised Old Version ඔහු පොහොසත් වන්නේවත්, ඔහුගේ වස්තුව පවතින්නේවත්, ඔවුන්ගේ සම්පත් පොළොවෙහි පැතිර යන්නේවත් නැත. |
එවිට ඔහු ඒ ගබඩාකරු කැඳවා, ‘ඔබ ගැන මට ආරංචි වන මේ කාරණය කුමක් ද? ඔබේ ගබඩාකාර නිලය පිළිබඳ අය වැය මට භාර දෙන්න; මින්පසු ඔබට ගබඩාකාර නිලය දැරිය නොහැකි ය’යි කී ය.
දැවෙන හිරු කිරණින් තණ කොළ වියළී යයි; ඒවායේ මල් පෙති වැටී යයි. එහි සෞන්දර්යය පහ වී යයි. එලෙස ම ධනවතා සිය උපාය මාර්ගවල දී මැල වී යයි.