ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝ ය; එක් කෙනෙකුගේ නම පෙලෙග් ය; මිහි පිට මුළු මනුෂ්‍ය වර්ගයා බෙදී ගියේ ඔහුගේ කාලයේ දී ය. ඔහුගේ සහෝදරයාගේ නම ජොක්තන් ය.
යෝබ් 15:19 - Sinhala New Revised Version 2018 දේශය ඔවුන්ට ම හිමි ව තිබිණි; පිටරැටියෝ ඔවුන් අතර නොවූ හ. Sinhala New Revised Version දේශය ඔවුන්ට ම හිමි ව තිබිණි; පිටරැටියෝ ඔවුන් අතර නොවූ හ. Sinhala Revised Old Version දේශය දෙනලද්දේ ඔවුන්ට පමණක්ය, විදේශිකයෙක්ද ඔවුන් අතරට නොපැමුණුණේය. |
ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝ ය; එක් කෙනෙකුගේ නම පෙලෙග් ය; මිහි පිට මුළු මනුෂ්‍ය වර්ගයා බෙදී ගියේ ඔහුගේ කාලයේ දී ය. ඔහුගේ සහෝදරයාගේ නම ජොක්තන් ය.
විවිධාකාර පරම්පරාවලට හා ජාතීන්ට අයත් මොවුහු නෝවාගේ පෙළපතින් පැවතෙන ගෝත්‍රයෝ ය. මහා ජලගැල්මෙන් පසු පොළෝ තලයෙහි සියලු ජාතීහු මොවුන්ගෙන් පැවත එන්නෝ වෙති.
“ඉශ්රායෙල් ජනයෙනි, මෙසේ මා, ඔබේ දෙවි සමිඳුන් බව ඔබ දැනගන්නහු ය. මම සියොන් නම් මාගේ ශුද්ධ කන්දේ වැඩ වාසය කරමි. ජෙරුසලම ශුද්ධ නගරයක් වන්නේ ය. විජාතීහු මින්පසු එය මැදින් නොයන්නාහු ය.
මහෝත්තමයාණෝ ජාති ජාතීන් හට රට රාජ්‍ය බෙදා දුන් විට, මිනිසුන් ජාතීන් වශයෙන් බෙදා වෙන් කරන විට, ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ගණනේ හැටියට, ඔවුන්ගේ සීමා නියම කළ සේක.