ඇට හා නහර මට දී හම හා මස්වලින් ඔබ මා පැළඳවූ සේක.
හමෙන්ද මාංසයෙන්ද මා පළඳවා, ඇටවලින්ද නහරවලින්ද මා වියන්ට නොයෙදුණේද?
කිරි බිඳක් කැටි වන ලෙස ඔබ මාගේ කළල රූපය මවු කුසෙහි සවි වන්නට සැලැසූ සේක;
ඔබ මට ජීවිතයත්, ප්‍රේමයත් දානය කළ සේක. දයාන්විත බැල්මෙන් මාගේ පණ නළ රැක දුන් සේක.
ඔබ මාගේ ඇතුළාන්තය මැවූ සේක; මාගේ මවු කුසෙහි මා තැනූ සේක.
හිස වන උන් වහන්සේ කරණකොටගෙන මුළු ශරීරය, ඊට සපයා ඇති එක එක අවයවයයෙන් සන්ධි කොට, ඒකාබද්ධ කරනු ලැබේ. එක එක අවයවය ඊට යුතු ලෙස ක්‍රියා කළ විට මුළු ශරීරය ප්‍රේමයෙන් වැඩී, වර්ධනය වේ.