යෝනා 4:1 - Sinhala New Revised Version 2018 ජෝනා ඊට අතිශයින් අප්‍රසන්න ව කෝප විය. Sinhala New Revised Version ජෝනා ඊට අතිශයින් අප්‍රසන්න ව කෝප විය. Sinhala Revised Old Version නුමුත් යෝනා ඊට අතිශයින් අප්‍රසන්නව, කෝපවිය. |
එවිට දෙවියන් වහන්සේ, “ලබු වැල ගැන කෝප වීමට නුඹට යුතු දැ”යි ජෝනාගෙන් ඇසූ සේක. “මැරෙන තරම් කෝප වීම මට යුතු ය”යි ඔහු කීවේ ය.
මා සන්තක දෙයින් මා කැමැති දෙයක් කිරීමට මට අයිතියක් තිබෙනවා නොවේ ද? මා කාරුණික බැවින් ඔබ ඊර්ෂ්‍යා වන්නේ මන්දැ’යි ඇසී ය.
එහෙත් ඔහු කිපී, ගෙට ඇතුළු වන්නට වත් නොකැමැති විය. එබැවින් ඔහුගේ පියා පිටතට අවුත්, ඇතුළට එන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේ ය.
උන් වහන්සේට ආරාධනා කළ පරිසිවරයා ඒ දැක: “මොහු දිවැසිවරයෙක් නම් තමාගේ ඇඟට අත තබන මේ පව්කාර ස්ත්‍රිය කවර තැනැත්තියක් ද කෙබඳු අඟනක් ද කියා දැනගනු ඇතැ”යි සිය සිතින් සිතුවේ ය.
එවිට පාවුලු ද බාර්ණබස් ද එඩිතර ව කතා කරමින් මෙසේ කී හ: “දෙවියන් වහන්සේගේ වචනය පළමුකොට ඔබට ප්‍රකාශ කළ යුතු ව තිබිණි. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කොට, සදාතන ජීවනයට ඔබ නුසුදුස්සන් බව ඔබ ම නිශ්චය කර ගන්නා හෙයින්, මෙන්න, අපි විජාතීන් වෙතට හැරෙමු.