ගිම්හානයෙහි අස්වැන්න රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වැන්න කාලයෙහි නිදන්නා නින්දිත පුතෙකි.
යෙරෙමියා 8:20 - Sinhala New Revised Version 2018 සෙනඟ පිළිතුරු දෙමින්, “අස්වැන්න නෙළන කාලය පසු විය; ග්‍රීෂ්ම කාලය කෙළවර විය; එහෙත්, අපට ගැළවීම ලැබී නැතැ”යි කියන්නෝ ය. Sinhala New Revised Version සෙනඟ පිළිතුරු දෙමින්, “අස්වැන්න නෙළන කාලය පසු විය; ග්‍රීෂ්ම කාලය කෙළවර විය; එහෙත්, අපට ගැළවීම ලැබී නැතැ”යි කියන්නෝ ය. Sinhala Revised Old Version ගොයම් කපන කාලය පසුවිය, ග්‍රීෂ්ම කාලය කෙළවරවිය, එහෙත් අපි නොගැළවුණෙමුව. |
ගිම්හානයෙහි අස්වැන්න රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වැන්න කාලයෙහි නිදන්නා නින්දිත පුතෙකි.
සවන් දෙන්න, දේශය මුළුල්ලේ මාගේ සෙනඟ මොරගසමින්, “සමිඳාණන් වහන්සේ සියොන්හි නැද් ද? සියොන්හි රජතුමා එහි නැද්දැ”යි අසන හඬ දස දෙසින් මට ඇසේ. ඔවුන්ගේ රජ්ජුරුවන් වන සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹලා තමන් කැපූ පිළිමවලින් ද විදේශිකයන්ගේ නිෂ්ඵල රූපවලින් ද කුමට මා කෝප කළහු දැ”යි අසන සේක.
“මාගේ සෙනඟගේ තුවාළය නිසා මම තුවාළ ලැබ ශෝකයට පත් ව සිටිමි. මම අන්ත වියවුල්කමට ලක් වී සිටිමි.
ගෙදර ස්වාමියා නැඟිට දොර වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමීනි, අපට දොර හැරිය මැනවැ’යි කියන කල, ‘නුඹලා කොතැනින් ආවාහු දැ යි නොදනිමි’යි ඔහු පිළිතුරු දෙනු ඇත.
ඔව්හු ඔබ ද ඔබ තුළ සිටින දරු කැල ද පොළොවේ ගසා, ගලක් පිට ගලක් තිබෙන්ට ඉඩ නාරින්නෝ ය. මන්ද, දෙවියන් වහන්සේ ඔබ ගළවන්නට පැමිණි දවස ඔබ නොදත් හෙයිනි.”