එවිට ඔහු ජෙරුසලමෙහි රජකම් නොකරන පිණිස පාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහි දී ඔහු සිර අඩස්සි කොට, රිදී කිලෝග්‍රෑම් තුන්දාස් හාරසියයකුත්, රන් කිලෝග්‍රෑම් තිස්හතරකුත් දේශයට දඩ ගැසී ය.
යෙරෙමියා 52:26 - Sinhala New Revised Version 2018 රැකවලුන්ට අධිපතියා වූ නෙබුසරදාන් මොවුන් රිබ්ලාහි සිටි බබිලෝනියේ රජු වෙත ගෙන ගියේ ය. Sinhala New Revised Version රැකවලුන්ට අධිපතියා වූ නෙබුසරදාන් මොවුන් රිබ්ලාහි සිටි බබිලෝනියේ රජු වෙත ගෙන ගියේ ය. Sinhala Revised Old Version එවිට රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් මොවුන් රිබ්ලාට, බබිලෝනියේ රජු ළඟට, ගෙනගියේය. |
එවිට ඔහු ජෙරුසලමෙහි රජකම් නොකරන පිණිස පාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහි දී ඔහු සිර අඩස්සි කොට, රිදී කිලෝග්‍රෑම් තුන්දාස් හාරසියයකුත්, රන් කිලෝග්‍රෑම් තිස්හතරකුත් දේශයට දඩ ගැසී ය.
එවිට රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් ඔවුන් බබිලෝනියේ රජු වෙත රිබ්ලා නගරයට ගෙන ගියේ ය.
බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් රජුගේ දහනව වන අවුරුද්දේ පස් වන මාසයේ සත් වන දා බබිලෝනියේ රජුගේ සේවකයෙකු වූ රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් ජෙරුසලමට අවුත්,
එහෙත්, බබිලෝනිවරුන්ගේ සේනාව ඔවුන් ලුහුබැඳ ගොස්, ජෙරිකෝවේ සමභූමිවල දී ශෙදෙකියාට ළං වී ඔහු අල්ලා, හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් වෙත ඔහු ගෙන ගියෝ ය. ඔහු ද ඔහු ගැන තීන්දුව දුන්නේ ය.
තවද, රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන්, නුවර ඉතිරි ව සිටි සෙනඟ ද පලා අවුත් තමාගේ සෙනඟට එකතු වූ අය ද සෙනඟගෙන් ඉතිරි වූ අනෙක් අය ද අල්ලා බබිලෝනියට ගෙන ගියේ ය.
අයින් නම් ස්ථානයට නැගෙනහිරින් දකුණු දිශාවේ පිහිටි හර්බෙල් දක්වා ද, ගලීලය මුහුදේ පෙරදිග වෙරළේ පිහිටි කඳු වැටිය දක්වා ද,