සෙනඟගෙන් නගරයේ ඉතිරි ව සිටි අය ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අය ද සමූහයාගෙන් අනික් අය ද රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේ ය.
යෙරෙමියා 52:15 - Sinhala New Revised Version 2018 තවද, රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් ඉතා දිළිඳු සෙනඟගෙන් සමහරෙකු ද නගරයේ ඉතිරි ව සිටි සෙනඟ ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට බැඳුණු අය ද සෙසු දක්ෂ ශිල්පීන් ද අල්ලාගෙන ගියේ ය. Sinhala New Revised Version තවද, රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් ඉතා දිළිඳු සෙනඟගෙන් සමහරෙකු ද නගරයේ ඉතිරි ව සිටි සෙනඟ ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට බැඳුණු අය ද සෙසු දක්ෂ ශිල්පීන් ද අල්ලාගෙන ගියේ ය. Sinhala Revised Old Version තවද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් දිළිඳු සෙනඟගෙන් සමහරෙක්ද සෙනඟගෙන් නුවර ඉතිරිව සිටි අයද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අයද සමූහයාගෙන් අනික් අයද අල්ලාගෙන ගියේය. |
සෙනඟගෙන් නගරයේ ඉතිරි ව සිටි අය ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අය ද සමූහයාගෙන් අනික් අය ද රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේ ය.
බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් රජුගේ දහනව වන අවුරුද්දේ පස් වන මාසයේ සත් වන දා බබිලෝනියේ රජුගේ සේවකයෙකු වූ රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් ජෙරුසලමට අවුත්,
ජොෂියාගේ පුත් ජෙහෝයාකිම් ජුදාහි රජ ව සිටි කාලයේ දී ද ජොෂියාගේ පුත්, ජුදාහි රජ වූ ශෙදෙකියාගේ එකොළොස් වන අවුරුද්දේ පස් වන මාසයේ ජෙරුසලමේ වැසියන් විප්‍රවාසයට ගෙනයනු ලැබූ දවස දක්වා ද සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය.
තවද, රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන්, නුවර ඉතිරි ව සිටි සෙනඟ ද පලා අවුත් තමාගේ සෙනඟට එකතු වූ අය ද සෙනඟගෙන් ඉතිරි වූ අනෙක් අය ද අල්ලා බබිලෝනියට ගෙන ගියේ ය.
මෙසේ කියන්න: ‘මම නුඹලාට සංකේතයක් වෙමි. මා කළ ලෙස ඔවුන්ට ද සිද්ධ වන්නේ ය. ඔව්හු ද පිටත් ව අන් රටක විප්‍රවාසයට යන්නෝ ය.’
ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන පිණිස සමිඳාණන් වහන්සේ සියලු ජාතීන් එක්රැස් කරන සේක. නගරය අල්ලාගනු ලැබේ; ගෙවල් කොල්ලකනු ලැබේ; ස්ත්‍රීහු දූෂණය කරනු ලබති; සෙනඟගෙන් දෙකෙන් කොටසක් වහල්කමට ගෙනයනු ලබන අතර, ඉතිරි කොටස නුවරින් පිටත ගෙනයනු නොලබති.